(නිමල කොඩිතුවක්කු)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බේරුවල ප‍්‍රධාන ආසන සංවිධායක සහ හිටපු පළාත් සභා මන්ත‍්‍රී එම්. එම් අම්ජාන් මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට සහයෝගය පළ කිරීමට එක්විය.
කොළඹ වෝක්ෂෝල් වීදියේ පිහිටි එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධාන මෙහෙයුම් කාර්යාලයේදී එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා විසින් අද(16) ඒ මහතා පිළිගනු ලැබීය.
මෙම අවස්ථාව ස`දහා හිටපු ජනමාධ්‍ය අමාත්‍ය ඉම්තියාස් බාකීර් මාකර්, එක්සත් ජාතික පක්ෂයේ බේරුවල ආසන සංවිධායක ඉෆ්තිකාර් ජෙමීල් යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ. එහිදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා මෙසේ කීය.
“අපේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා සම්බන්ධයෙන් වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කළ යුතුයි යනුවෙන් උදය ගම්මන්පිල මහතා ප‍්‍රකාශ කළා. ඒ යෝජනාව ගැන අපි ඉතාමත් සතුටු වෙනවා. ලෝකයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී බොහෝ රටවල එවැනි ප‍්‍රවණතාවයක් තියෙනවා. එවැනි නීතියක් මෙරට මැතිවරණ නීතියට එකතු කරන්න කියලා අපි යෝජනා කරන්න කැමතියි.
සජිත් පේ‍්‍රමදාස මහතා සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් අවශ්‍යනම් එය ඉදිරිපත් කරන්න අපි ලෑස්තියි. ඒත් එක්කම උදය ගම්මන්පිල මහතා යෝජනා කරන ඒ වෛද්‍ය පරීක්ෂණය ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සෑම අපේක්ෂකයෙකුටම කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. රටේ අනාගතය බාරගන්න ඉන්න නායකයන් හොඳ සෞඛ්‍ය මට්ටමකින් සහ සිහි කල්පනාවකින් සිටිය යුතුයි.
සජිත් පේ‍්‍රමදාස මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් දිනෙන් දින අපිත් එක්ක විශාල පිරිසක් එක්ව සිටිනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, උතුරු නැගෙනහිර පළාත් කණ්ඩායම් අද සෘජුවම අපිට සහයෝගය ලබා දෙන්න ඉදිරිපත් ව සිටිනවා” යැයිද ඔහු එහිදි පැවැසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බේරුවල ප‍්‍රධාන ආසන සංවිධායක සහ හිටපු පළාත් සභා මන්ත‍්‍රී එම්. එම් අම්ජාන් මහතා මෙසේ කීය.
“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තමයි මම මගේ දෙශපාලනය ආරම්භ කළේ. අද මම ආසන සංවිධායකවරයෙක්, පළාත් සභා මන්ත‍්‍රීවරයෙක් ලෙස කටයුතු කරන්නේ මේ පක්ෂයෙන්. අපි මේ පක්ෂයට ආදරෙයි.
මේ රටේ ආණ්ඩු කරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද කොමා රෝගියෙක් බවට රාජපක්ෂවරුන් පත් කරලා තියෙනවා. මේ පක්ෂය ගොඩ ගැනීමට අපි රාජපක්ෂවරුන් පරාජය කළ යුතුයි. අපේ පක්ෂය විනාශ කළේ පොහොට්ටුවයි. මවු පක්ෂය විනාශ කරපු මේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලාංඡනය පොහොට්ටුව වෙනුවට කෙසෙල් මුව බවට පත්විය යුතුයි. තමන් හදා වඩාගෙන මව මරන් උපන් කුමාරයා තමයි කෙසෙල් මුව. ඒනිසා පොහොට්ටුව ලාංඡනය වෙනස් විය යුතුයි. පොහොට්ටුව ජයග‍්‍රහණය කරවීමට අපේ පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණයක් ගෙන නැහැ. මෙය පක්ෂයේ දෙතුන් දෙනෙකුගේ උවමනාවව මත සිදුවූ දෙයක් බවත් කිව යුතුයි.
සජිත් පේ‍්‍රමදාස මහතා කියන්නේ කොළඹ ඉඳන් ගිරුවාපත්තුවට ගිය ජන නායකයෙක්. ගෝඨාභය රාජපක්ෂ ගිරුවාපත්තුවෙන් අමෙරිකාවට ගිය අයෙක්. රට වෙනුවෙන් සජිත් පේ‍්‍රමදාස මහතා ජයග‍්‍රහණය කරන්න කියලා අපි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.
බේරුවල ප‍්‍රදේශීය සභාවේ සහ නගර සභාවේ අපේක්ෂකයන් 45 දෙනාගෙන් අපේක්ෂකයන් 30 දෙනෙක්ම මේ වනවිට සජිත් පේ‍්‍රමදාස මහතා දිනවන්න සූදානම් වෙලා සිටිනවා. අපි එක්සත් ජාතික පක්ෂයට බැදෙන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනන්‍යතාවය ආරක්ෂා කරගනිමින් සජිත් පේ‍්‍රමදාස මහතා ජයග‍්‍රහණය කරවීමට අපි කටයුතු කරනවා” යැයිද ඔහු එහිදී පැවැසීය.
(ඡායාරූප : ශාන්ත රත්නායක)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රභාකරන් මැරුනු දවසට වඩා ටිකයි ප්‍රීති සද්දේ අඩු උනේ...........
ආනේ ඉමිතියාසුත් බැටලු හම ගලවලා ඇවිල්ලා.. සුබපැතුම්... අපි නම් කොහොමත් දන්නවා පාට..
මේ තිස්ස අත්තනායකනේ...
කොහොමටත් එ් පැත්තටම තමයි. විල්පත්තුවෙන් තවත් කෑල්ලක් බෙදාගන්න දෙනවා කියන්න ඇති ෂුවර් එකටම...
තිස්ස අත්තනායක මහතා සිටිය පිල දිනලා තියෙනවද ඉතිහාසය තුළ..?
සජිත්ගේත් ග්‍රහචාරය බලාගත්තොත් හොඳයි වගේ. ඔය අවසාන මොහොතේ කිට්ටුවෙන කට්ටිය කිට්ටුවෙන්නේ හොඳකට නොවේ. බොර දියේ මාළු බාන්න. එනපොට හොඳ නැහැ. කෙල්ල ගෙට ගනින්...
අම්ජාඩ් මහතා ඔබතුමාව ගෞරවයෙන් පිළිගන්නවා..
ඔබතුමා සහ බේරුවල ප්‍රාදේශීය සභා සහ නගර සභා මන්ත්‍රීන්ටත් සුබපැතුම් ...!!!
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිව්වලු. තව ඉදිරියට පැමිණීමට ඉන්නා සියලු දෙනාවම සාදරයෙන් පිළිගනිමු. ජයශ්‍රී...!!!
මොහුට කිසිම දේශපාලන වටිනාකමක් නැත. ශ්‍රීලනිපය යූඑන්පී එකට එනවා කියලා පෙන්වන තවත් වියදමකි. මොහුට හොඳ කුට්ටියක් දෙන්න ඇති...
නැව් ගිලෙද්දී මියෝ එලියට පනිනවා, එත් ඌරො ගිලෙන නැව් ඇතුලට පනිනවා,,
මේ විදියත් හරි, කොහොමත් මුස්ලිම් වරු ඉන්න ඕන UNP පැත්තෙනේ, එත් ඇය් මේ සිංහල මිනිස්සුත් ඒ පැත්තේ ඉන්නේ, මොලේ කචල් වෙලාද?
ඒහෙනම් ජයග්‍රාහී පළමු වෙඩිමුරය 2015 දි වගේම 2019දිත් බේරුවලින්.
මෙයා ඉංජිනේරුවෙක්. දේශපාලනයට ආවා. පුතා කැනඩාවේ ගුවන් නියමුවෙක්. අනික් අයගෙත් පදිංචිය කැනඩාවේ. ඊට පස්සෙ මෙයාට දේපල වැහි වහින්න පටන් ගත්තා. බේරුවල කොළඹ යන ප්‍රදේශ වල ගොඩනැහිලි වලට හිමිකම් පෑවා. දේශපාලකයකු ලෙස තමන්ගෙ මඩිය තර කර ගත් ඔහු ජනතාව ප්‍රතික්ෂේප කළ පුද්ගලයෙකු බවට පත් උනා. මොහු අනිත් පැත්තට පැන්නත් ඡන්ද පදනමක් නැති පුද්ගලයෙක්.
මෙන්න එකෙක් 'ගිලෙන නැවට' පැනලා...