(ජයන්ත සමරකෝන්)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ - පොදු ජන පෙරමුණ ඡන්ද ලකුණ පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණාත්මක සාකච්ඡාව මහගමසේකර මාවතේ ජනාධිපති නිල නිවසේදී සැප්තැම්බර් 30 වන දා රාත්‍රී 7.30ට පැවැත්වෙන බව එහි මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා අද(26) ඩාර්ලි පාරේ ශ්‍රීලනිප මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
ශ්‍රීලනිප - පොහොට්ටු සාකච්ඡා අවසන් නැතැයිද, තවදුරටත් සාකච්ඡා පැවැත්වෙනු ඇතැයිද මන්ත්‍රීවරයා කීය.
පොදු ලකුණක් පිළිබඳව පක්ෂ සාමාජිකයින් ප්‍රාදේශීය දේශපාලනඥයින් ප්‍රබල හඬක් නගන බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාංචු කුට්ටම වගේ එකක් හොඳ මදිද?
හොඳම ලකුණ සුදු වෑන් එක. කාටත් මතක හිටිනවා. දෙමව්පියන්ගේ සොහොන ,ජනතා මුදලින් හැදුවේ. එ්කත් හොඳයි.
ලේසියෙන්ම අපිව රවට්ටන්න පුළුවන් අන්දමේ සලකුණක් යොදා ගන්න. අපි දන්නවා ඔය කාගේත් වැඩ කිඩ තියෙන්නේ සලකුණුවලයි, හිස් වචනවලයි පමණක් බව. ඒ වුනාට කැපුවත් අර පාට මේ පාට ලේ තියෙන වහල්ලුන් වන අපි ඒවාට රැවටෙන්න හරි කැමතියි.
දූරියන් ගෙඩිය හොඳ නැද්ද?
දැන් දයාසිරි උත්තමයට තීරණයක් ගන්න පුලුවන් ලකුණෙ එල්ලිලා ගිහින් සජිත් මහත්මයට සහාය දෙනවා කියන්න.
මම සිතුවේ රටහදන්න කතාකරනවා ඇති කියලා. බලන් ගියාම කතාකරන්නේ, ලකුණ ගන්නේ, මිනිසුන් කිසිදාක සත්‍ය තේරුම් ගනු නොමැත.
අපේක්ෂකයා තෝරාගෙනද සාකච්ඡා කරන්නේ බොලව්..?
කිසිලෙසකින් ලකුණ වෙනස් කරන්න එපා.
ඔය සාකච්ඡාවත් අසාර්ථක වෙලාම ගියදෙන්..
පොහොට්ටුවේ ලකුණ වෙනස් වෙන්නෙත් නැහැ. ශ්‍රී ලංකා කාරයන් එජාපය එකට යන්නෙත් නැහැ. ඉදිරියේදී මෛත්‍රීපාල මහත්තයාගේ ආරක්ෂාවත් පවුලේ ආරක්ෂාවත් රැඳිලා තියෙන්නේ ගෝඨා අතේ...
සුමනදාසගෙයි, මහින්දගෙයි පින්තූරය දමන්න වේලාව බලන්න.