(නාලක සංජීව දහනායක)
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ සන්ධානගත වුවද ඉදිරි මහා මැතිවරණයේ දී නාම යෝජනා ලැයිස්තුවෙන් 30% ක ප‍්‍රතිශතයක් වෙන් කිරීමට තම පක්‍ෂයට හැකියාවත් නැතැයි හම්බන්තොට දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩී.වී චානක මහතා අද (6) පැවසීය.
එහිදී මන්ත‍්‍රීවරයා මෙසේ ද කීය.

එමෙන්ම ඉදිරි මහ මැතිවරණයට තරග කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව පිහිටුවීමට නියමිත සන්ධානය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කොන්දේසි ගණනාවක් ඉදිරිපත් කර තිබෙන බව කී චානක මන්ත‍්‍රීවරයා තම පක්‍ෂය එම කොන්දේසිවලට එකඟ නොවන බවද කීය.
රටම පිළිගන්නා ලකුණ පොහොට්ටුව බවත්, මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වය රටම ඉල්ලා සිටින බැවින් ඒවා වෙනස් කිරීමට කිසිදු හැකියාවක් නොමැති බවද කීය.
පාර්ලිමේන්තු මැතිවරණයේ නාම යෝජනා ලැයිස්තුවෙන් 30% කෝටාවක් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉල්ලා සිටින බව කී මන්ත‍්‍රීවරයා තමන් සමඟ ආරම්භයේ සිටම සිටි සහෝදර දේශපාලන පක්‍ෂවලට හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට, පළාත් පාලන නියෝජිතයන්ට හා වියත්මඟ සංවිධානයේ නියෝජිතයන්ට නාමයෝජනා ලබාදුන් විට නාම යෝජනා ලැයිස්තුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයය විශාල ප‍්‍රතිශතයක් වෙන් කිරීමේ හැකියාවක් නැතැයි ද මන්ත‍්‍රීවරයා පැවසීය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්‍ෂ මූලස්ථානයේ දී අද (6) පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
COMMENTS
ඔයාල කාව දැම්මත් අපිට වැඩක් නෑ. ඔක්කොම එක්ක තමා. 2/3 නම් ලැබෙන් නෑ පුතා . රතු , නිල්, කොළ ඔක්කොම කරලා තියන වැඩ හරි හිරිකිතයි.
ශ්‍රී ලංකා කියලා එකක් නෑ දැන්. ඒක හිටන් ඉවර කළා. එජාපයේ එක අඩියක් තියාගෙන මේකේ එක අඩියක් තියාගෙන නායකකම් කරන්නේ කොහොමද? ඒ වගේම හිටන් හිතන් හිටියේ නායකකම ගත්තම ඔක්කොම හරි කියලා. ඒත් ශ්‍රී ලංකාකාරයෝ ඇත්තටම ආදරේ මහින්ද මහත්තයට. ඒක තමයි පොහොට්ටුවට මෙච්චර ග්‍රාමීය ප්‍රදේශ වලින් ඡන්ද හම්බවුනේ. ඒ මහින්ද මහත්තයා මාස 3 න් ජනාධිපති කෙනෙක් වුන කෙනෙක් නොවුන නිසා. එයාට මිනිස්සු අතරේ හොඳ ප්‍රතිරූපයක් තියෙනවා. ඒකයි පැරදුනත් ආයේ කෙටි කලකින් දිනුවේ. ඒත් වෙන අයට එහෙම බෑ. බොරුවෙන් බලය අරගෙන දවසින් උන් හිටි තැන් නැතිවෙලා. දැන් උමතුවෙන් හූ කියලා වැඩක් නෑ. අවලංගු කාසියක් වෙලා ඉවරයි. ඒ වගේම පුලුවන්නම් ශ්‍රී ලංකා එකට තනියෙන් තරග කරලා ආසන 10 ක් ගන්න කියන්න. එදාට සීයට 30 ක් දේවී නාමයෝජනා. ශ්‍රී ලංකා එකේ සහට නැතත් 69 ලක්ෂයේ සහය ලැබෙනවා. ඕනේනම් ඡන්ද ලක්ෂ 2 ක් අඩුවෙයි. හිටන්ට කරන්න පුලුවන් එච්චරනේ.
10 ක්වත් පාර්ලිමේන්තු යවාගන්න බැරි නිසා පොහොට්ටුවෙන් එළිය බලලා කීයක් හරි අරගෙන පුළුවන් වුනොත් පුතාටත් කිරි පොවන්නම්.
අන්තිමට වලව්වල කටු කාපු අයට පසුපෙළ තමා
චානක, පොහොට්ටුවේ 100 % ඔබේ අදහස සමග එකඟයි. ශ්‍රී ලංකා කියන්නේ අපේ අයම තමා. නමුත් දයාසිරි, සිරිසේන, වීරකුමාර, මහින්ද සමරසිංහ, චන්ද්‍රිකා, වෙල්ගම නිමල් ආදී පිරිස පොහොට්ටුවට හිතවත් නැහැ. ඔවුන් අවස්ථාවාදී විනාශකාරී කට්ටියක්. සිරිසේනට සම සභාපතිකම හෝ සාමාජිකත්වයක් හෝ දෙන්න එපා.
ශ්‍රී ලංකා පක්ෂය චන්ද්‍රිකාටම දීලා ඒ කට්ටියට පොහොට්ටුවට එකතු වෙන්න කියමු.
පළමුවෙන්ම ශ්‍රී ලංකා සහ පොදුජන පෙරමුණ මහා මැතිවරණයේදී වෙන වෙනම තරග කරලා ලැබෙන ඡන්ද ප්‍රමාණයට අනුපාතිකය සකසා ගන්න. ඉන්පසු එන සෑම මැතිවරණයක දීම එසේ ලැබෙන අනුපාතයට සන්ධානයක් ලෙස තරග කර නියෝජිතයින් පත්කර ගන්න. වඩා සාධාරණ ක්‍රමය මෙයයි.
2/3 ඉල්ලන්න ඉස්සෙල්ලා o /L පාස් කරගෙන ඡන්දෙ ඉල්ලන්න කිව්වා නම් හොඳ නැද්ද?
කතාව ඇත්ත... එදා ලක්ෂ 15ක් තිබ්බට අද ලක්ෂ 6නෑ. ඒ ලක්ෂ 15න් ලක්ෂ 10ක් විතර දැන් ඉන්නේ ගරු ගෝඨාභය ජනාධිපතිතුමා සමගයි.