IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ශ්‍රීලනිපය පොහොට්ටුව සමඟ අත්සන් කළ ගිවිසුම් දෙකක් ප්‍රසිද්ධියට

(අජන්ත කුමාර අගලකඩ)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් එක්ව සන්ධානයක් පිහිටුවීමට සහ ඉකුත් ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට ජනාධිපතිවරණයට පෙර අත්සන් කළ අවබෝධතා ගිවිසුම් දෙකක් ශ්‍රී ලනිපය විසින් අද (10) ප්‍රසිද්ධියට පත්කරනු ලැබීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය මුහුණ පොතේත් පක්ෂයේ නිල වෙබ් අඩවියේත් එම ගිවිසුම් දෙක අද පළකර තිබිණි.

ශ්‍රී ලනිපයත් පොදුජන පෙරමුණත් එක්ව පිහිටුවීමට යෝජිත ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය සහ ඉදිරි මැතිවරණයට මුහුණදෙන ආකාරය සම්බන්ධයෙන් පොදුජන පෙරමුණට සම්බන්ධව ඇතැම් මැති ඇමැතිවරුන් නගන පරස්පර මතවාදවලට පිළිතුරක් ලෙස මෙම ගිවිසුම් දෙක ප්‍රකාශයට පත්කළ බව ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අවබෝධතා ගිවිසුම ඉකුත් ඔක්තෝබර් මස 10 වැනිදා කොළඹ දී අත්සන් කරනු ලැබූ අතර ශ්‍රීලනිපය වෙනුවෙන් එහි මහලේකම් දයාසිරි ජයසේකර මහතා ද පොදුජන පෙරමුණ වෙනුවෙන් එහි මහලේකම් සාගර කාරියවසම් මහතා ද ඊට අත්සන් තැබූහ.

මේ අතර එවකට ජනාධිපති අපේක්ෂකයාවූ ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ඉකුත් ඔක්තෝබර් මස 19 වැනිදා අවබෝධතා ගිවිසුමක් අත්සන් කළ අතරල ඊට ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා අත්සන් තැබූහ.

ජනාධිපතිවරණයෙන් අනතුරුව ආණ්ඩුවක් පිහිටුවීම හා අනෙකුත් මැතිවරණවලට එක්ව තරග කිරීම සම්බන්ධයෙන් වන එකඟතා එම ගිවිසුම්වලට ඇතුළත්ව තිබිණි.

 

 

 



අදහස් (4)

ශ්‍රීලනිපය පොහොට්ටුව සමඟ අත්සන් කළ ගිවිසුම් දෙකක් ප්‍රසිද්ධියට

sudath Monday, 10 February 2020 10:29 PM

ගිවිසුම් ප්‍රකාරව කටයුතු කිරීම මහත්මා ගතියයි.

:       27       7

Mahesh Tuesday, 11 February 2020 02:02 AM

මේ වගේ අය එක්ක මොන ආණ්ඩුද.? මන්ත්‍රීදූර තුනක්වත් ගන්න බැරි පක්ෂයක් ගිය උඩ.

:       5       37

MD Tuesday, 11 February 2020 03:11 AM

පොහොට්ටුවට අපහස කර කර පොහොට්ටුවෙන් 30% ඉල්ලන්න සදාචාරාත්මක නැහැ නේද.?

:       2       19

ruwan Tuesday, 11 February 2020 04:18 AM

දැන් ඉතින් යන එන මන් නැතුව බොරුවට අඩ අඩා තමා ඉන්න වෙන්නේ. සිරිසේන මහත්තයා ගාවගත්තොත් පොහොට්ටුවට තියෙන ඡන්ද ටික නැතිවෙන්න පුළුවන්.

:       0       51

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 360 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 215 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site