IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


ශ්‍රිලනිපයේ ආසනවල සංවිධායක ධූර සඳහා අයදුම්පත් කැඳවයි

(විනීතා එම් ගමගේ)

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ පුරප්පාඩුව පවතින ආසනවල සංවිධායක ධූර පිරවීම සඳහා අයදුම්පත් කැඳවීමට පියවර ගන්නා බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය.

ඒ සඳහා මාධ්‍ය දැන්වීම් පල කර අයදුම්පත් කැඳවන බව ද ඔහු කියා සිටියේය.

මේ වනවිටත් විද්වතුන් විශ්ව විද්‍යාල කතිකාචාර්යවරුන් අමාත්‍යංශවල හිටපු නිලධාරින් නීතිඥයන් වැනි පිරිස් වලින් සංවිධායක තනතුරු සඳහා ඉහළ ඉල්ලුමක් ඇතැයි පැවසූ ජයසේකර මහතා මේ පිරිස් අතරින් බොහෝ දෙනෙක් මෙතෙක් ක්‍රියාකාරි දේශපාලනයේ නොසිටි පිරිස් යැයි ද කීය.

එවැනි උනන්දුවක් දක්වන අයට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ඉල්ලුම්පත් පක්ෂ කාර්යාලයට ලැබෙන පරිදි එවන්නැයි ද මහලේකම්වරයා කීය.

ඉදිරි මැතිවරණවල දී ඉදිරිපත් වීමට බලාපොරොත්තුවන අයට ද මේ අන්දමින්ම අයදුම්පත් එවිය හැකි යැයි පැවසූ මන්ත්‍රීවරයා පක්ෂය වටා උගත් බුද්ධිමත් පිරිස් එක්වන කාලයක් බවට මෙම කාල සීමාව පත්ව ඇතැයි ද කියා සිටියේය.

ජයසේකර මහතා මේ අදහස් පළ කළේ ශ්‍රීලනිප මූලස්ථානයේ අද (14) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.    



අදහස් (1)

ශ්‍රිලනිපයේ ආසනවල සංවිධායක ධූර සඳහා අයදුම්පත් කැඳවයි

සේන Thursday, 16 January 2020 05:01 PM

මන්ත්‍රී විශ්‍රාම වැටුප තහනම් කිරීමට, කැන්ටිමෙන් කෑමට හරි මුදල පියවීමට, කාර් පර්මිට් බලාපොරොත්තු නොවීමට. ඒ අය පමණක් ඉදිරිපත් වෙන්න. මොන පක්ෂය එකගද? ඒ අයට අපගේ වටිනා ජන්දය.............

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 9 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 132 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site