IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ශ්‍රීලංකන් ප්‍රතිසංවිධානයට 12 කගෙන් යුත් කමිටුවක්


 
 
නාලක සංජීව දහනායක

 
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පවතින ගැටලූ නිරාකරණය කර ගනිමින් එහි නව ප‍්‍රතිසංවිධානයකට අවශ්‍ය යෝජනා හා අදහස් ලබාගෙන නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා 12 දෙනෙකුගෙන් යුතු කමිටුවක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් අද (7) පත් කළේය.


එම කමිටුවේ සභාපතිවරයා ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න මහතා පත්කර ඇති අතර සෙසු සාමාජිකයන් ලෙස කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, ආචාර්ය නන්දලාල් වීරසිංහ, ආචාර්ය ධර්මරත්න හේරත්, මහාචාර්ය ඞී.බී.පී.එච් දිසා බණ්ඩාර, වී.කනගසභපති, එල්.එස්.අයි ජයරත්න, විරාජ් දයාරත්න, මහේන් ගොපල්ලව, වසන්ත කුමාරසිරි, අජිත් අමරසේකර, තිසුරි වන්නිආරච්චි යන මහත්තම මහත්මීන් කටයුතු කරති.


ඒ අනුව  ඕනෑම කෙනෙකුට ශ්‍රී ලංකන් ගුවන් සේවය වැඩිදියුණු කිරීමට අදාළ යෝජනා සහ අදහස් මෙම කමිටුවට ලබාදිය හැකිය. එම අදහස් හා යෝජනා සැළකිල්ලට ගනිමින් කමිටුව විසින් සති දෙකක් අතුළතදී ජනාධිපතිවරයා වෙත නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිතය. 
 



අදහස් (3)

ශ්‍රීලංකන් ප්‍රතිසංවිධානයට 12 කගෙන් යුත් කමිටුවක්

Raveendra Monday, 07 January 2019 02:09 PM

පළමුව මෙම කමිටුවට අපගේ ගුවන් සේවයේ අඩුපාඩු හොඳින් හඳුනා ගැනීමට හැකි වේවා!!! දෙවනුව ගුවන් යානාවල සේවය කරන සේවක සේවිකාවන්ට ශ්‍රී ලාංකිය අනන්‍යතාවයක් වන සිනාමුසු මුහුණින් සුහදව ගුවන් මගින්ට කතා කිරීමට උගැන්වීම වඩාත්ම යෝග්‍ය වේ. විශේෂයෙන් මැදපෙරදිග සේවයට යන " අපගේම සහෝදරියන්ට" මෙම ගුවන් සේවිකාවන් කතාකරන විලාශය අප හොඳින් දැක ඇත. සරලව කියනවා නම් ගුවන් සේවිකාවන් වැඩි පිරිසක් මුහුණේ සිනහවක් වෙනුවට කුණ්ඩහට්ටි ලෙස උද්දච්ච මුහුණින් යුතුව මැදපෙරදිග සේවයට යන අපගේම සහෝදරියන්ට කතාකරන අකාරය වෙනස් විය යුතුමය. කිසිඳු ගුවන් මගියකු ණයට ගුවන්යානයේ ගමන් නොකරන බව දැනගන්න. මැදපෙරදිග ගෘහ සේවයට යන්න එම සහෝදරියක් අනේකවිධ දුක් ගැහැට විද, අතිශය දුෂ්කර සේවයක් කර අප රටට එවන ඒ " ඩොලර් සොච්චමෙන් " මෙම කමිටුව මෙන්ම ලක්වාසීන් සැවොම අද දින කුසගින්න නිවාගත්තා මෙන්ම හෙට දිනත් කුසගින්න නිවාගන්නේ එසේ දුක්විඳ එවන මුදලින් බව අමතක නොකරන්න... සුදුස්සන් සේවයට යොදවා ගන්න. අනෙක් අය පන්නා දමන්න.

:       19       934

Chan Tuesday, 08 January 2019 05:14 AM

නැවත යුරෝපය වෙත ගමන් අරඹා සංචාරක ව්‍යාපාරයෙන් ප්‍රතිලාභ ලබා ගන්න.

:       0       37

Palitha A. Wanasinghe. Tuesday, 08 January 2019 07:48 AM

අපගේ ගුවන් යානාවල මැද පෙරදිග යන ගුවන් මගින්ට ගුවන් සේවිකාවෝ කතා බහ කරන විදිහ නම් ඵතරමි හොඳ තත්ත්වයක් නැහැ. මගින්ට හොඳින් කතා බහ කරන්න ඉගැන්වීම් කල යුතුයි. ඒ අතරම ගුවන් සේවය ලාභ ලබන තෙක් බෝනස් නැවැත්විය යුතුයි. පාඩු ලබන ආයතන බෝනස් ගෙවීමෙන් කඩා බිඳ වැටේ. අතිරේක සේවක පිරිස් වන්දි ගෙවා හෝ ඉවත් කල යුතුය. ලෝකයේ කිසිම ගුවන් සේවයක් මෙසේ පාඩු ලබන්නේ නැත. ..

:       0       21

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 668 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1113 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site