IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ශ්‍රීමා දිසානායකගේ අවසන් කටයුතු හෙට

(ඩයනා උදයංගනී)

 

එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු අමාත්‍යවරයකු වූ දිවංගත ගාමිණී දිසානායක මහතාගේ බිරිඳ වූ ශ්‍රීමා දිසානායක මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී හෙට (1) සිදුකෙරේ.

දේහය කොළඹ, විජේරාම මාවතේ අංක 1/6 දරණ නිවසේ හෙට (1) පස්වරු 2.00 දක්වා තැන්පත් කර තැබෙන අතර නිවසේදී පවත්වන ආගමික වතාවත්වලින් පසු පස්වරු 2.00ට පමණ දේහය රැගත් අවමංගල පෙරහැර බොරැල්ල කනත්ත බලා ගමන් ඇරඹීමට නියමිතය.

බොරැල්ල කනත්තේදී අවමංගල සභාවක් ද පැවැත්වේ. ශ්‍රීමා දිසානායක මහත්මිය කොළඹ පෞද්ගලික රෝහලක දී ඉකුත් 29 වැනිදා පස්වරුවේ අභාවප්‍රාප්ත වුවාය.

ශ්‍රීමා දිසානායක මහත්මිය මියයන විට 77 වැනි වියෙහි පසුවූවාය.

ඇය එක්සත් ජාතික පක්‍ෂයේ ජාතික සංවිධායක සහ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා වන නවීන් දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක යන මහත්වරුන්ගේ මව ද වූවාය.

ඇයට අරුණි තාරුකා නමින් දියණියක ද සිටී. එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකවරයා ලෙස 1994 වසරේ ඉදිරිපත් වූ ගාමිණී දිසානායක මහතා බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය වීමෙන් පසු ඇති වූ අඩුව පුරවමින් එවර එක්සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂිකාව ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ ද ශ්‍රීමා දිසානායක මහත්මියයි.



අදහස් (1)

ශ්‍රීමා දිසානායකගේ අවසන් කටයුතු හෙට

Buddika Sunday, 31 March 2019 11:41 AM

සුබ ගමන් මැතිණියනි, නිවන් දකිනා තුරු ඔබතුමියත්, ගාමිණී දිසානායක මැතිතුමාත් මේ පින් බිම තුළ යළි ඉපදෙන්න හේතු වාසනා වේවා!!!

:       0       80

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site