(තරිඳු ජයවර්ධන)
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා එම තනතුරින් ඉවත් කර ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිගේ පෞද්ගලික සහකාර ලෙස පත් කිරීමට ජාතික පොලිස් කොමිසන් සභාව අද (21) තීරණය කළ බව එහි ආරංචි මාර්ග කියයි.
පොලිස් කොමිසන් සභාව ගත් එම තීරණය අද (21) සවස්වරුවේ පොලිස් මූලස්ථානයට ද යොමු කළ බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
ශානි අබේසේකර මහතා ස්ථාන මාරු කළේ බැඩබලන පොලිස්පතිවරයාගේ ද නිර්දේශ අනුව බව පොලිස් කොමිසන් සභාව කියයි. අබේසේකර මහතා ඉවත් කිරීමෙන් ඇතිවූ පුරප්පාඩුවට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව් තිලකරත්න මහතා පත් කර තිබේ.
රෝයල් පාර්ක් ඝාතනය, අඟුලාන ද්විත්ව මිනී මැරුම, උඩතලවින්න ඝාතනය, මොහොමඩ් සියාම් ඝාතනය, කෝටි දෙකේ මංකොල්ලය, ටවුන්හෝල් බෝම්බය ඇතුළු සුප්‍රසිද්ධ පරීක්ෂණ රැසක් මෙහෙයවූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයකුට පවා මරණ දඩුවම හිමි වී තිබේ.
මාධ්‍යවේදීන් වන ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගැනීම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, කීත් නොයාර්ට සහ උපාලි තෙන්නකෝන්ට පහර දීම මෙන්ම රතුපස්වල වෙඩි තැබීම ඇතුළු සංවේදී විමර්ශන රැසක් මේ වන විට ඔහුගේ අධීක්ෂණය යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ශනය කෙරේ.
ශානි අබේසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස පත් කිරීමට පොලිස් කොමිෂන් සභාව තීරණය කරනු ලැබ ඔහු එම තනතුරට පත් කරනු ලැබුවේ 2017 සැප්තැම්බර් හත් වැනිදාය. රහස් පොලිස් අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ සුදත් නාගහමුල්ල මහතා නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කිරීමෙන් පසුව ඇතිවූ පුරප්පාඩු මත ජාතික පොලිස් කොමිසන් සභාව විසින් එම පත්වීම කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශානි අබේසේකර කියන්නේ ශ්‍රී ලංකාවේ ෂර්ලොක් හෝම්ස්.
ඔන්න වැඩ පටන් අරන්.
ඔය එන්නේ කසකාරයෝ පෙරහැරත් ළඟම එනවා ඇති.
රජකම් කලත් කල කම් පලදෙයි
දේශපාලන පලිගැනීම් පටන් අරගෙන.
අපි හිතුවා හරි
මේකෙන් හැම රජයේ සේවකයෙක්ම පාඩමක් ඉගෙන ගන්නවා නම් හොදයි. ඔබට ලැබී තියන පරීක්ෂණ පවතින රජය කාලයේදීම අවසන් කල යුතුයි. එක්කෝ චූදිතයෝ හිරේට යන්න ඕනේ. නැත්නම් ඔවුන් නිදහස් වී නඩු ඉවර වෙන්න ඕනේ. මේ දෙකම වුනේ නැත්තන් චූදිතයෝ බලේට ආවම ඔබගේ අනාගතය ඔවුන් තීරණය කරනු ලබයි. කව්රු බලයට ආවත් මේ ලංකාවේ යතාර්ථය එයයි.
හරි නේද? හැට නම ලක්ෂයක අපේක්ෂාව සහ බලාපොරොත්තුව ඉටුවීමේ ආරම්භය සනිටුහන් කල වගයි. ධම්මික පෙරේරා
විශිෂ්ට පොලිස් නිලධාරියෙකුව සිටි කෙනෙක්. "සිටි" කියලා කිව්වේ අබේසේකර මහතා මේ තනතුරට පත්වී කල විශිෂ්ට සේවය පස්සේ ටිකක් දියාරු වුන බව පෙනුන නිසයි.
මෙයාගේ පරීක්ෂණ සියල්ල පක්ෂග්‍රාහීයි.
සමන්ත ශානි අබේසේකෙර යනු රජයේ නිලධාරියෙකි. ඔවුන් කරන්නේ තමන්ට පැවරී ඇති රාජකාරියයි. ශානි සහ නිශාන්ත සිල්වා, තිසේරා වැනි නිලධාරීන් කලේ තමන්ගේ රාජ්‍ය සේවයේ වගකීමයි. ඒ මිසක් වෙන යමක් නොවේ. එතැනදී ඔවුන්ට එම නඩු හෝ පැමිණිලි කාගේද යන්න හෝ, කුමක්ද යන්නට වඩා වැදගත් වුයේ අපරාධයක කාරණා ගොනු කිරීමයි.
ශානි අබේසේකර මහතා ඒ තනතුරට නුසුදුසු නම් මේ කොමිෂන් සභාව ම ඔහු එතනට පත් කළේ ඇයි ? අපි අසා ඇති හැටියට ඔහු අපක්ෂපාති සේවකයෙක් . ඔහු විසින් මෙහෙයවන ලද ප්‍රසිද්ධ අපරාධ විමර්ශන ලැයිස්තුව දිහා බැලුවම මේ පත්වීමේ යටි අරමුණක් තියෙන බව පේනවා. අපි තවමත් අලුත් පාලකයාට සහතික නිකුත් නොකළෙත් මෙන්න මේ දේවල් වෙනවද කියලා බලන්න. අපි ආයෙමත් පස්සට යනවා වගේද මන්දා.
තාජුදීන්, ප්‍රගීත්, ඔබ සැම සමාදානයේ සැතපේවා!
වෛද්‍ය සාෆි සහබ්දීන්ට අධිකරණයෙන් නිදහස් විය හැකි ලෙස සාක්ෂි මෙහෙය වුයේ මෙයා තමයි.
මෙයත් නීතිය නැව්වා කියලා තමයි ආරංචිය.
රාජකාරිය හරියට කළානම් නීතිය නවන්නෙ නැතිව ඔහොම වෙන්නෙ නැහැ. නීතිය කරනවා කියන්නෙ බොරු නඩු පටවලන එක නෙමෙයි. මොහු කාලයක් නීතිය හරියට කළා. 2015 න් පස්සෙ කඩේ ගියා. ඒකයි සත්‍යය. පොලිස්පතිත් සමග නීතිය නැමුවෙ මොහුයි. ඔච්චර දක්ෂ නිළධාරියෙක් නම් ලසන්ත, තාජුඩීන්, එක්නැළිගොඩ සිද්ධිය හොයාගන්න අවුරුදු 05ක් මදිද? බොරු කරන්න ගිහින් වන වෙලා ඉන්නේ. පොලීසියේ කට්ටිය දන්නවා මෙයාගේ කෙරුවාව. සාෆි නිවැරැදි බව කිව්වෙත් මෙයයි.
කොටින්ම කියනවානම් ශානි අබේසේකර කියන්නේ එජාපයේ එකේ අතකොළුවක්. ගාල්ලට නෙවේ යවන්න ඕනේ තුත්තුකුඩියට. මේ රජයෙන් ගත්ත හොද තීරණයක්. මෙයා විතරද පොලිසියේ ඉන්නේ. තව දක්ෂයෝ ඕන තරම් ඉන්නවා.
නීතියට අබ සරණයි. මාධ්‍යවේදීන් වන ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගැනීම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, කීත් නොයාර්ට සහ උපාලි තෙන්නකෝන්ට පහර දීම මෙන්ම රතුපස්වල වෙඩි තැබීම ඇතුළු සංවේදී විමර්ශන රැසක් මේ වන විට ඔහුගේ අධීක්ෂණය යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ශනය කෙරේ.
තනිකර කරන්නේ ආණ්ඩුවට කඩේ යන එක... සාක්ෂි හදා ගන්න කරන්න පුළුවන් ඔක්කොම ජරා වැඩ කරනවා. NGO සල්ලිවලට ඕනේම දෙයක් කරනවා. ජාතික ආරක්ෂාව සම්බන්ධ ඉතාම සංවේදී දේවල් කිසිම ගාණක් නොමැතිව උසාවිවල ප්‍රසිද්ධ කරනවා.
ශානි අබේස්කර cid එකේ හිටියේ මහින්දගේ ආණ්ඩුවේ... ඔහු ඉතා කීර්තිමත් සහ ඉතාම පරිණත නිලධාරියෙක් බව මා එදා සිටම අසා තිබෙනවා. මේවා පළිගැනීම්... දක්ෂයින් රට හැර යන එක නතර වෙන්නේ නැහැ. මා හිතුවා මෙවරවත් ගෝඨාභය ස්වාධීනව කටයුතු කරාවි කියලා... මේ යනවිදිහට නම් මට පේන්නේ සොරි ඩොට් කොම් තමයි..