(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
රිමාන්ඩ් භාරයේ පසුව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු උප පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් යන මහත්වරුන් ඇප මත මුදා හරින්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ගම්පහ මහාධිකරණය දුන් තීන්දුව බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම් සලකා බැලීම සඳහා ලබන 23 වැනිදා කැදවීමට අභියාචනාධිකරණය දින නියම කර ඇත.
හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනුකර තිබූ නඩුවකට අසත්‍ය සාක්ෂි නිර්මාණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර ශානි අබේසේකර සහ සුගත් මෙන්ඩිස් යන මහත්වරුන් ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි.
තමන්ව ඇප මත මුදා හරින මෙන් ඉල්ලා එම සැකකරුවන් විසින් ගම්පහ මහාධිකරණය වෙත ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළේය.
එම ප්‍රතිශෝධන පෙත්සම විභාග කළ ගම්පහ මහාධිකරණය ඉකුත් දෙසැම්බර් 08 වැනිදා එම සැකකරුවන් දෙදෙනා ඇප මත මුදා හරින ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.
ඒ අනුව ගම්පහ මහාධිකරණයේ තීන්දුව ප්‍රතිශෝධනය කර තමන්ව ඇප මත මුදාහරින ලෙස ඉල්ලමින් ශානි අබේසේකර ඇතුළු සැකකරුවන් දෙදෙනාම අභියාචනාධිකරණයට එම පෙත්සම ඉදිරිපත් කර තිබේ.
COMMENTS
ඇප දෙන්න නම් එපා. මෙයා පිල්ලෙයාන්ට වඩා දේශද්‍රෝහී කෙනෙක්නේ..
සම්පූර්ණ ඇත්ත, පිල්ලෙයාන් ත්‍රස්තවාදියා කියලා දන්නා නිසා කලින්ම පොඩි හරි ප්ලෑනක් ගහලා බේරෙන්න පුළුවන්. රටේ උත්තරීතර තැනකට දේශපාලන අනුහසින් පත්වෙලා රටම ගිනිතියපු මෙයාට නම් ඇප දෙන්න එපා. අර නිශාන්තන් කන්දයියා වගේ රටෙනුත් පනියි. අප ඇමතිගේ ගෙදර වලං හෝදන වැඩේ ගැස්සුණු නිසා හිරේ වළංටික හෝදගන්න ජීවිතකාලේම ඇතුලේම තියාගන්න..
ඔව්, පාස්කු ප්‍රහාරකයෝත් හොඳ වෙන කාලේ රාජපක්ෂවරුන්ට එරෙහි වෙනවා නම් දේශද්‍රෝහියෝ දේශප්‍රේමී වෙනවා.
දක්ෂ නිලධාරියෙක්. මොහුට මේ තරම් කෙනෙහිලි කරන්නේ ඇයි කියලා ඔය උඩ කමෙන්ට් කොටපු බයි පීපල් දන්නේ නැතිව ඇති. අල්ලසක් අරන් රජසැප ගන්න තිබ්බ මනුස්සයා අදටත් ඉන්නේ කුලී ගෙදරක...
කොන්ද කෙලින් තියන නීතියට වැඩකරපු මිනිස්සුන්ට මෙහෙම කරන්න හොඳ නැහැ. නඩුකාරයෝ වුණත් කළකම් පලදෙනවා දවසක..