(අංජුල මහික වීරරත්න)
ඉදිරි ජනාධිපතිවරණය සඳහා එකමුතුව, එක්සත්ව යන ගමනකට ශක්තිමත් සන්ධානයක් මේ මාසය අවසන්වීමට පෙර පිහිටුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී අද(08) පැවසීය.
අදහස්වලින් අලුත් වන්නේ නැතිනම් සංධාන පිහිටුවා කිසිදු ප්‍රයෝජනයක් නැති බව කී අග්‍රාමාත්‍යවරයා අලුත් අදහස් සමග අලුත් සංධානය පිහිටුවීම බලාපොරොත්තු වන බවද සඳහන් කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවේ දෑ අභිමානී හරසර සම්මාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.
නිවාස ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා ශ්‍රම දායකත්වය දැක්වූ ජනතාවට මරසර දැක්වීම සඳහා මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය සංවිධානය කළ මෙම උත්සවය කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ඉදිරියේදී පිහිටුවීමට නියමිත නව සංධානය පිළිබඳව එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේ කීය.
“අප විසින් කරන ලද පරිවර්තනය පිළිගත යුතුයි. ඒ පරිවර්තනය නිසා ජනතාවත් වෙනස් වී තිබෙනවා. නිදහස් සමාජයක් නිර්මාණය වී තිබෙනවා. ඉන්න හිතෙන රටක් අවශ්‍ය නම් මෙරට දේශපාලනය වෙනස් කළ යුතු බව ජනතාව කියනවා.
හිසරදයකට කොට්ටය මාරුකිරීම පිළියමක් නොවේ. අප අලුතින් සිතා අලුතින් ඉදිරියට යා යුතුයි. නැතිනම් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද කඩා වැටෙනවා.
සාම්ප්‍රදායික දේශපාලනයෙන් මිදී ඉදිරියට යාම සඳහා අප සන්ධානගත වෙනවා. එලෙස සන්ධානගත වී අලුත් අදහස් සමග ඉදිරියට එනවා. ඒ සන්ධානය ගැන මේ වනවිට සාකච්ඡා කර තිබෙනවා. අප එම සන්ධානයේ එකමුතුව එක්සත්ව එක ගමනකට යන ශක්තිමකත් සංවිධානයක් පිහිටුවනවා.
පරිවර්තනය නිසා මෙරට දේශපාලනඥයන් වෙනස් වී තිබෙනවා. දැන් අපි දකින්නේ සන්ධාන දේශපාලනයක්. ප්‍රධාන පක්ෂයක නායකත්වය යටතේ එවැනි සන්ධාන තුනක් ඇතිවීඹට නියමිතයි. ඒ සන්ධාන වලින් ඊළග ජනාධිපතිවරණයට තරග කිරීමට සිදුවනවා.
අදහස් වලින් අලුත් වෙන්නේ නැතිනම් සන්ධානයක් පිහිටුවා කිසිදු ප්‍රයෝජනයක් නැහැ. අලුත් අදහස් සමග අලුත් සන්ධානයක් පිහිටුවීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තුව මේ මාසය අවසන් වීමට පෙර ඉටුවනවා. ඒ එකමුතුබවත් සමග ඉදිරියට යමු” යැයි අග්‍රාමාත්‍යවරයා පැවැසීය.
(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)



COMMENTS
ගතවූ අවුරුදු 71ක්ම හිසරදයට කලේ කොට්ට මාරුකිරීම තමා. නමුත් පිලියමක් නැති බව දැන් ඔයාටත් තේරිලා.
ශක්තිමත් නායකත්වයක් යටතේද? නැතිනම් ඔය තියෙන විදියටමද? අපටත් දැන් පස්සෙන් ගිහින් ඇතිවෙලා තියෙන්නේ.
වැඩක් වෙන එකක් නැහැ වගේ. භාගයක් විතර පෙහොට්ටුවට පැනලා යන ලකුණු තියෙනවා.
හරි හරි කයිය පැත්තකින් තියලා කරලා පෙන්වන්නකෝ...
මොන ගුරුවරුද? ඒ රටෙන් කියන්නේ ජමාත් කාරයෝ අායෙත් බෝම්බ තියන්න බැරි නැහැ. ඒ නිසා පැත්ත පළාතේ යන්න එපා කියලා. මේ ගොල්ලෝ හදන්නේ හිපියෙක්, දෙන්නෙක් ගෙනල්ලා අපිව රවට්ටන්න. ඔන්න බලන්න බොරු නම් ළඟදීම ඕකට කමිටුවක් පත්කරයි. ඇම්ඩන් මල්ලි හැරෙනකොට දැන් ඕනෑ ගොනෙකුට තේරෙනවා.
අභිමානී ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට නම් නොහැකියාවෙන් පෙලෙන.. විල්පත්තු කපන්න ඉඩදෙන, බැංකු මංකොල්ලකන, බෝම්බ පිපිරීමේ සිද්ධිය යටගසනා, තම්බිලා ඉදිරියේ බයෙන් ගැහෙනා අය එළවා දැමිය යුතුයි.
තමන්ගේ පක්ෂේ විනාශ වෙද්දී උඩ බලන් ඉන්න මිනිහෙකුගෙන් රටක් විනාශ වෙන එක ගැන අහලා තේරුමක් තියේද? අඩු ගානේ එක්සත් කියන නමේ තේරුමවත් දන්නේ නැහැ. සංධානයක් ගහන්න යන්නේ. තමන්ගේ බලය හදාගන්න ගහන ගැටයක් විතරයි. පව් අහිංසක එජාප කාරයන් අන්ධවෙලා මේ මිනිහගේ පස්සෙන් යන්නේ..
අන්න කොළඹම ගඳ ගහනවා. ඔය සංධාන ගහන්න කලින් කුණු ටික අස්කරන්න.
අපට නම් ආරංචි වෙන්නේ සංධානය අටවා ගත්තට පස්සේ ඔය දෙවෙනි පින්තුරේ ඉන්න කෙනෙක් තමයි ජනාධිපති තරඟයට දාන්න යන්නේ කියලයි. එහෙම වුනොත් අනිත් පැත්තෙන් "පොල්ලෙල්ලක්" දැම්මත් දිනනවා ෂුවර්.
පක්ෂ, පාට පුද්ගලයින් පරම්පරාවන් හා ධනවත් බලවත්කම්වලට ගැතිවයි බහුතර ජනතාව සම්ප්‍රදායිකව ඡන්දෙ දුන්නේ. ඒ කාලයේ ජන විඥාණය අවදිකරමින් හිටි ඇන්.ඇම්. කොල්වින් ඇතුළු රතු නායකයින් සමග අගමැතිතුමන්ගේ පියා රතු ඇඳගෙන කුලභේදය නැතිකිරීමටයි දේශපාලනය කලේ... පසුව දේශපාලනයෙන් ඉවත්ව පත්තර හරහා ජාතික නායකයින් බිහිකිරීමේ මෙහෙවර කළා. සිරිමා රජය ලේක්හවුස් රජයට ගැනීමෙන් පසු 1977 දි පත්කළ මන්ත්‍රීවරයෙක් ලෙස ඇමතිකමක් බාරගන්නා ලෙස ජේආර් කළ ඇරයුම ප්‍රතික්ෂේප කළ එතුමා ජේආර්ගේ ඉල්ලීමටයි රනිල්ව දුන්නේ. අද රනිල් ජේ.ආර් හැදූ ඒකාධිපති ක්‍රමය වෙනස් කරලා බහුතර මත ගැටුමකින් පාර්ලිමේන්තුවෙන් නීති හදලා අධිකරණය මගින් උසාවි, පොලිසි, හමුදා හා රජයේ විවිධ ආයතන මගින් ඒ නීති ක්‍රියාවට නගන්න ස්වාධීන කොමිෂන් හදලා ප්‍රජාතන්ත්‍රවාදය ඉස්මතු කරලා තියන නිසයි මම පොරවීමේ අරගලය දියත්වෙලා එකිනෙකාගේ රාජ්‍ය තන්ත්‍ර ඥානයේ හා සදාචාරයේ නිරුවත මහජනතාව ඉදිරියේ ප්‍රදර්ශනය වෙමින් තමන් විසින්ම තම ගෙල හිරකරගන ඒ වරද තව එකෙකු මත පැටවීමේ ගාලගෝට්ටියත් මෝදුවී තියෙන්නේ. අගමැති පන්නපු වෙලේ ජනපති සමග හිටි කාගේත් රාජ්‍ය තන්ත්‍ර ඥානයේ පුස්බව රටම දැක්කා...
සූත්තරපුංචාගේ මීළඟ දහංගැටය කෙක්කෙන් හෝ කොක්කෙන් හෝ බලය ලබා ගැනීමයි.
2015 යහපාලනය බිහිවෙන්න පෙර තිබුණු රාජ්‍ය ත්‍රස්තවාදී බලපෑම් මගින් කැලේ නීතිය රජකරවමින් පවත්වා ගෙනගිය සුදු වෑන් සංස්කෘතිය වෙනුවට කිසිම රාජ්‍ය ත්‍රස්තවාදී බලපෑමකින් තොරව නොබියව කුමන තරාතිරමේ අයෙකුට විරුද්ධව වුවද ස්වාධීන අධිකරණය හමුවේ ඔප්පුකළහැකි සාධක සහිතව පැමිණිලි කර තීන්දුවක් ලබාගැනීමේ හැකියාව අද ඕනෑම කෙනෙකුට ඇත. අධිවේග මාර්ග ගොඩනැගිලි, වෛවාරණ ඉදිකිරීම් ඇතුළු භෞතික ජයග්‍රහණ වගේම අද කවුරුත් භුක්ති විඳිමින් ජයගැනීමට ඉතා අපහසුම රාජ්‍ය ත්‍රස්තවාදයට බියක් නොමැතිව ක්‍රියාකිරීමේ මානසික සහනය උදාකර තිබීම අගය කළයුතුම විශිෂ්ඨ ජයග්‍රහණයක් නොවේද? පාර්ලිමේන්තුවේ හා රාජ්‍ය සේවකයන්ගේ පමණක් නොව පුද්ගලික අංශය ඇතුළු අනිකුත් සියලු ජීවන වෘත්තිකයින්ගේ පැවැත්ම ගැනත් විමසා බලමින් සියල්ල පාලනය කළයුතු ක්‍රමයක් සඳහා අවශ්‍ය සංඝනනය ඇරඹීමට කාලය දැන් උදාවී ඇත. රාජ්‍ය අංශය වර්ජන පවත්වමින් හා වගකීම් හරියාකාරව ඉටු නොකරමින්ද වෙළඳුන් ඇතුළු සියලු පුද්ගලික අංශයන් පාලනයකින් තොරව අධික මිල ගණන් නියම කරමින්ද දිළිඳු අහිංසක ජනතාව කරත්තයට අහුවු කජුලෙල්ල ගානට තෙරපමින් පෙළමින් සිටින බවද වත්මන් රජය දැනගත යුතුව ඇත.