
(අජන්ත කුමාර අගලකඩ)
මෙවර මහ කන්නයේ වී කිලෝවක් සඳහා රුපියල් 95 ක සහතික මිලක් නියම කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත .
ඒ අනුව මහ කන්නයේ නාඩු ,සම්බා සහ කීරි සම්බා වී කිලෝවක් රුපියල් අනූ පහකට මිලදී ගැනීමට අමාත්‍යාංශය තීරණය කර තිබේ .
ඒ සඳහා කැබිනට් අනුමැතිය ඉල්ලා කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් කැබිනට් සංදේශයක් ද අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබ ඇත.
වී අලෙවි මණ්ඩලය විසින් ගොවීන්ගෙන් මිලදී ගනු ලබන වී සඳහා රුපියල් 95 ක සහතික මිලක් ගෙවීමට අමතරව ප්‍රවාහනය සහ මෙහෙයුම් වියදම් සඳහා කිලෝවකට රුපියල් දෙක බැගින් අමතර මුදලක් ගෙවීමට ද යෝජනා කර තිබේ .
මෙවර මහ කන්නයේ මෙට්‍රික් ටොන් ලක්ෂ 30ක වී අස්වැන්නක් අපේක්ෂා කරන අතර, ඉන් ලක්ෂ තුනක් මණ්ඩලය මගින් මිලදී ගැනීමට යෝජිතය .
වී මිලදී ගැනීම සඳහා මණ්ඩලයට රුපියල් මිලියන 29805ක මුදලක් රාජ්‍ය බැංකු දෙක හරහා නිකුත් කරන ලෙසද කෘෂිකර්ම ඇමතිවරයා රජයෙන් ඉල්ලා ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවර මහ කන්නයේ අස්වැන්න කාලේ මෙයාට මේ අමාත්‍යංශ ඉන්න පුළුවන්ද දන්නේ නැහැ. නමුත් මෙයා මේ ඇමති ධුරය රැකගන්න ජනාධිපතිට උපරිම කඩේ යනවා. ලොන්ඩරි වැඩත් කරනවා...
ගොවියා නන්නත්තාර වෙලා ඉන්න වෙලාවේ වී වලට සහතික මිලක්... බම්බුව තමයි... ලැජ්ජා නැද්ද? වහාම ඇමැතිකමෙන් ඉල්ලා අස්වෙන්න...
වී මිල මෙසේ ඉහළ දමන්න දමන්න පාරිභෝගිකයෝ හාල් කන්න කීයටද කියල හිතන්න බැරි නහරය පනනැති වෙලාද ගොවියාට වි මිල කොපමන ඉහල දැම්මත් මදි කිය කියා මහ පාරට බැහැල විරෝධය දක්වනව. ඒවා දක්කන්නත් ඔන තරම් උදවිය ඉන්නවා. පාරිභෝගිකයාට හාල් කිලෝව රුපියල් 250 ක් දක්වා ඉහළ දමන්න තමයි මේ යන විදියට ගියොත් වෙන්නේ. පාරිභෝගිකයෝ මහ පාරට බැහැල විරෝධය නොදක්වන නිසාද මෙහෙම පාරිභෝගිකයෝ ගැන හිතන්නේ නැත්තේ පාරිභෝගිකයෝ දක්කන්න කවුරුත් ඉදිරිපත්වෙන්නේත් නැහ. දැන් හාල් ග්‍රෑම්ස් 250 ක් මිලදි ගෙන තමයි වේල යන්තම් පිරිමහන්නේ ගොවියාට සහන දෙන්න කියල වී මිල ඉස්සුවා දැන් හොඳටෝම ඇති. පාරිභෝගිකයින්ගේ මල දැන් හොඳටම පැනල තියන්නේ රුපියල් 100ට අඩුවෙන් මේ රටේ හාල් මිල තිබිය යුතුමයි. බලය දෙන්න කියන ඕනෑම පක්ෂයක නායකයෙක් මෙයට ප්‍රතිචාර දක්වන්න කට ඇරල කියන්න අපි බලයට ආවොත් හාල් කිලෝව රුපියල් 100ට අඩුවෙන් දෙනවා කියල. වෙන වල් පල්වලින් වැඩක් නැහ. හාල් මිල අඩු කරනු .
මෑත් යුගයේ හැමෝම වර්ජන හා තර්ජන කර තම තමන්ගේ මඩි තරකරගත්තේය. විදෙශ්ගත ශ්‍රමිකයන්ද ඩොලර් ලංකාවට ප්‍රේශනය නොකර ආන්ඩුව කෙනිතුවේය. නමුත් මේ වනතුරු ඔවුනටද කිසිම අයිතිවාසිකමක් නොලැබුනේය. පාරිබෝගියාට රජයට දැනෙන්නට කරන්නට කිසිම අවියක් නොමැත. වර්ජන, තර්ජන මේ කිසිවක් පාරිබෝගිකයට කල නොහැක. එකම දේ ආහාර වර්ජනය පමනයි. ඉතින් අපි නොකා මැරෙමු නෙහ්. ලජ්ජයි කැතයි හිරිකිතයි. මහින්දානන්ද ගොවියන්ගෙ හිතදිනාගන්න මේ යෝජනා කරල තියෙන්නෙ. අපි බලමුකො වෙළද ඇමතිගෙ අදහස් මේ යෝජනාවට.
එහෙනම් ඉතිං හාල් 200ට යන එක වළකන්න කාටවත්ම බැහැ. ගොවියාට සැප, පාරිභෝගිකයින්ට දුක...
පිදුරු වලටත් මිල නියම කරපියව්