( රොමේෂ් මධුෂංඛ)
යාපනය චලෙයි ප්‍රදේශයේදී නාවික හමුදාව විසින් සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී කැලෑවක වලදමා තිබූ එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් භාවිතා කල බවට සැක කෙරෙන යුද උපකරණ රැසක් හමු වූ බවට නාවික හමුදාව පවසයි.
උතුරු නාවික විධානයට ලද බුද්ධි තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් චලෙයි ප්‍රදේශයේ කැලෑ බද ප්‍රදේශයකදී සිදු කරන ලද සෝදිසි පරික්ෂා වලදී අදාල යුද උපකරණ තොගය හමු වී ඇත.
එහිදී වලදමා තිබියදී මිලිමීටර් 81 වර්ගයේ මෝටාර් උණ්ඩයක්, මිලිමීටර් 120 වර්ගයේ මෝටාර් උණ්ඩයක්, මිලිමීටර් 60 වර්ගයේ ,මෝටාර් උණ්ඩයක්, ආර්.පී.ජී. උණ්ඩ 03 ක් , අත්බෝම්බ 05ක් සහ කොටි සංවිධානය විසින් නිශ්පාදිත මර උගුලක් මේ අතර වෙයි.
යුද සමයේදී කොටි සංවිධානය විසින් අදාල ආයුධ තොගය වලදමන්නට ඇති බවට නාවික හමුදාව සැක පල කරන අතර සොයාගත් බෝම්බ නිශ්ක්‍රීය කිරීම හා වැඩි දුර පරික්ෂණ කටයුතු සිදු කිරීම සඳහා පොලිස් විශේෂකාර්ය බලකායට ලබා දීමට පියවර ගත් බවට නාවික හමුදාව වැඩි දුරටත් පැවසීය.
;


2025 නොවැම්බර් මස 04
72
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2020
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වළ දමා තිබූ යුද උපකරණ රැසක් යාපනය චලෙයි ප්‍රදේශයෙන් හමුවෙයි