IMG-LOGO

2025 මාර්තු මස 25 වන අඟහරුවාදා


වෙළෙඳ ඇමැති බන්දුල දැඩි තීරණයක

(අජන්ත කුමාර අගලකඩ)

පාරිභෝගික කටයුතු අධිකාරියේ සහ සමුපකාර දෙපාර්තමේන්තුවේ කටයුතුවලට කිසිසේත් මැදිහත් නොවීමට වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා තීරණය කර ඇතැයි වාර්තා වේ .

දැනට මෙම ආයතන දෙක පවතින්නේ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා යටතේ වුවද බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් අමාත්‍යවරයා ලෙස නිරීක්ෂණ මට්ටමෙන් ඒවායේ කටයුතුවලට සම්බන්ධ විය .

එසේ වුවද ඇමතිවරුන් දෙදෙනා තමන්ට බලපෑම් කළ බවට පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා කර ඇති ප්‍රකාශ සහ ඇතැම් පාර්ශ්ව වලින් එල්ල වෙන චෝදනා සැලකිල්ලට ගනිමින් බන්දුල ගුණවර්ධන මහතා මෙම ආයතන දෙකේ කිසිදු කටයුත්තකට සම්බන්ධ නොවීමට තීරණය කර ඇතැයි දැනගන්නට ඇත .

 



අදහස් (22)

වෙළෙඳ ඇමැති බන්දුල දැඩි තීරණයක

Sk Saturday, 02 October 2021 12:07 PM

අශ්වයා ගියාට පස්සේ ඉස්තාලය වහනවා වගේ...

:       1       60

Hafeel Saturday, 02 October 2021 01:04 PM

මිනිහා නාගෙන වගේ... එ්ක තමයි දැන් බයවෙලා. ඔහොම දේශපාලනය අත්හැරිලා ගෙදර ගියා නම් හොඳයි...

:       2       79

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 02 October 2021 12:13 PM

ඔබතුමන්ලා කළයුතුව තිබුනේ, වහාම අදාළ හොරකම ගැන, හොරුන් ගැන නිසි පියවර ගැනීමයි. ඒත් සිදුවූයේ වෙනත් දෙයක්... ප්‍රශ්නය පටලවා ගන්නේ නැතිව ඒ දේ හරියට කළා නම් මේ ප්‍රශ්න මුකුත් නැහැ...

:       0       66

සිරිබිරිස් Saturday, 02 October 2021 12:15 PM

ඔය ඇමතිලා දෙන්නා රඟපාන්නේ රෑ ඩැනියෙල්, දවල් මිගෙල් චරිතය....

:       0       66

පැරකුම්Saturday, 02 October 2021 01:50 PM

දේශපාලුවන් හැමදාමත් කරේ ජනතාව රවටා තමන්ගේ මල්ල පුරවා ගැනීමයි. මේ තවත් එවැනි රංගනයක් පමණයි…!

:       0       52

Sunil Saturday, 02 October 2021 12:52 PM

කරන්න බැරි වැඩ බාර නොගන්නවා නම් හොඳයි. මදැයි ඩඩ්ලි හාමුගෙන් ඉගෙන ගත්ත පාඩම... තමන් කවුද කියලා... නාගත්තා හොඳටම ඇති...

:       1       52

Nihal Saturday, 02 October 2021 12:59 PM

ටික දවසකට ඉල්ලා අස්වෙන්න. අමතක වුණාම ආයේ ඇමැතිකම ගන්න බැරියෑ...

:       1       50

Koka Saturday, 02 October 2021 01:17 PM

"කිසිසේත් මැදිහත් නොවීමට" ඒ කියන්නේ මීට ඉස්සෙල්ලා මැදිහත් වුණා...

:       0       48

Bamunuarachchi Saturday, 02 October 2021 01:50 PM

අනේ යන්න එපා ඔබ තමයි දක්ෂයා

:       9       18

දාස Saturday, 02 October 2021 01:50 PM

මෙයා කී සැරයක් අස්වුනාද

:       0       34

Raveendra Saturday, 02 October 2021 02:05 PM

බන්දුල ගොයියෝ, තමුන් නිර්දෝෂී නම් ඇයි මේ එකඑකාගේ කතාවලට බය වී ප්‍රශ්නෙන් පැනයන්නේ... අවංක මිනිසාව ස්වභාව ධර්මයා විසින් සෑමවිටම ආරක්ෂා කරනු ඇත..

:       5       41

saman Saturday, 02 October 2021 03:28 PM

නහින දෙහින කාලේ තායිලන්තයට ගිහින් ඉන්නකෝ... මේ මඩ ගොහොරුවෙන් අයින් වෙලා...

:       0       31

bandaraSaturday, 02 October 2021 09:32 PM

නරකම නෑ සමන්.

:       0       10

swene Saturday, 02 October 2021 09:21 PM

ඔයා කලේ ජනතාව නොමග යැවීමත් ඉන් අනතුරුව කටින් බතල කොළ ඉන්දිමත් පමණයි.

:       0       15

kapila Saturday, 02 October 2021 09:34 PM

කට වහගෙන ඉන්නෙ කට ඇරලා කියන්න දෙයක් නැති නිසා. අහෝ දුකකි ඉරකි තිතකි

:       0       10

Demuni Uduwara Sunday, 03 October 2021 02:25 AM

ඔබේ ව්‍යාපාර ගැන සිතන්න!

:       0       1

ගමේ එකාලා Sunday, 03 October 2021 03:06 AM

.සක්කරයාගේ පුතා වයිමා ආවත් වැඩක් නැහැ .ඔන්න ඔහොම කතාවක් ආර්ථික ඔස්තාර් කෙනෙක් කිව්වා වගේ මතකයි.

:       0       1

jayantha Sunday, 03 October 2021 09:47 AM

අහිංසක ජනතාව‌ගේ ඡන්දෙන් සහ අධාරකරුවන්ගේ උපකාරයෙන් බලයට ඇවිත් ,ගෙනාපු මිනිස්සුන්ට ආපු ගමන් කරේ අහින්සක ජනතාවට අඩු මිළට බඩු ගන්න තිබෙන සමුපකාර දෙපාර්තමේන්තුව විනාශ කරන්න පනත් කෙටුම්පතක් ගේනවා. ඊට අමතර මේ කොරෝනා කාලයේ ජනතාවට ඇති ඖෂධිය ආහාරයක් වන සුදුළුනු වලට වලට කරපු දේ. තවද ගුණමකු ඇමතිවරයා, රාජ්‍ය ඇමති ඔහුගේ අමාත්‍යංශ ලේකම්වරු කණ්ඩායම එකතු වී ඔවුන් යැටතේ ඇති ආයතන විනාශ කිරිමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව ප්‍රසිද්ධ රහසක් බව කිව යුතුය. ‌නිවැරදි ඇමතිවරයෙක් නම් කළ යුත්තේ මේ ආයතන ආරක්ෂාවට කටයුතු කරන එක වන අතර මේ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ගයක් ගෙන සම්බන්ධ අය වැඩ තහනම් කර විමර්ෂන ආරම්භ කරන එක වන අතර ඒ සම්බන්ධයෙන් තොරතුරු හෙලිදරව් කරපු අයට විරුද්ධව වන්දි ඉල්ලල නඩු දාන එක නොවෙයි. මේකේ ඇත්ත තත්තවය ජනතාව ‌හොදාකාරව දන්නව, ඒ ක ප්‍රසිද්ධ රහසක්. එබැවින් අතිගරු ජනාධිපතිතුමනි, මෙම අමාත්‍යාංශය ඔබතුමා යටතේ තබා ගන්නා ලෙස කාරුණිකව ඉල්ලමි. මෙවැනි අය තියා ගැනීම ආණ්ඩුවට දෙයියන්ගේම පිහිටයි .................................... !

:       0       3

FernandoSunday, 03 October 2021 01:31 PM

හැමදාම වුනේ මේ හොරුන්ට රැවටිච්ච එක. මේ නිසා මේ කියන දේවල් ඇතිත දිට්ඨ ධම්ම වේදනීය කර්මය පල දී ගෙන එනවා වාගේ.

:       0       2

nihal Sunday, 03 October 2021 09:56 AM

ඉවරයක් නැහැ වගේ තාම මේක

:       0       0

69lakshaya Sunday, 03 October 2021 10:26 AM

මේ තරම් අවංක ඇමති කෙනෙක් වෙන කොහේවත් නැහැ.

:       0       2

වයිමා Sunday, 03 October 2021 11:32 AM

හැමදාම දැඩි තීරණ.කෝ ප්‍රතිපල

:       0       4

ඔබේ අදහස් එවන්න

 

දියත

රෝග තුනක් ගැන කතා කරන්න ගෝලීය අරමුදල සුව ඇමති හමුවෙයි
2025 මාර්තු මස 25 60 0

ගෝලීය අරමුදලේ නියෝජිත කණ්ඩායම සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර හමුවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී අද පැවැත්විණි.


හොරෙන් ගෙනා වාහන අල්ලන්නැයි නියෝගයක්
2025 මාර්තු මස 25 418 0

හොර රහසේ ආනයනය කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට ව්‍යාජ දත්ත ඇතුළත් කරමින් රේගුවට හොරෙන් ලියාපදිංචි කළේ යැයි කියන සුඛෝපභෝගී වාහන


‘‘බ්‍රිතාන්‍ය සම්බාධක ගැන ජනපති මොකද කියන්නේ‘‘
2025 මාර්තු මස 25 486 0

ශ්‍රී ලාංකිකයන් හතර දෙනකුට එංගලන්තය ඊයේ (24) රාත්‍රී සම්බාදක පැනවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිය ස්ථාවර වහාම ජාත්‍යන්තරයට දැනුම්දිය යුතු බවත් රටට සාම


හදවත උණු වුණු ළමා දොස්තර
2025 මාර්තු මස 25 1012 5

ඇදුම රෝගය උත්සන්න වී මාතර මහ රෝහලට පැමීණි දස හැවිරිදි දරුවකුට අවශ්‍ය ඇස්තලින් සොලූෂන් නැමැති ඖෂධය එම අවස්ථාවේ නොමැති වීම නිසා දරුවා පත් වූ තත්වය දැක ස


තොටළඟ වෙඩික්කරු මාට්ටු
2025 මාර්තු මස 25 527 0

තොටළඟ නාගලන්වීදිය ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන වෙඩික්කරු අද (25) අත්අඩංගුවට ගත් බව ග්‍රෑන


පාර්ලිමේන්තුවේ දිග හැරෙන දේශබන්දුගේ විෂමාචාර මෙන්න
2025 මාර්තු මස 25 1947 0

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා ජාතික ජන බලවේග මන්ත්‍රීවරුන් කථානායක ජගත් වික්‍රමරත්න මහතාට බාර දුන් යෝජනාවේ ඔහුගේ විෂමා


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 294 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 590 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1257 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site