(යොහාන් භාසුර)
ශ‍්‍රී ලංකාව තුළ දැඩි කිරි පිටි හිඟයක් ඇති වීමෙන් පාරිභෝගිකයෝ දැඩි අපහසුතාවට පත්ව සිටිති.
බහුලව පරිභෝජනය කරන සම්පූර්ණ යොදය සහිත කිරිපිටි වර්ග රැසක් මේ වන විට වෙළෙඳපොලේ නොමැති තත්වයක් නිර්මාණය වී ඇති අතර එම කිරිපිටි වර්ගවල අළෙවි නියෝජිතයන් පවසන්නේ සති කීපයකින් එම කිරිපිටි තොග නොලැබුණු බවයි.
ශ‍්‍රී ලංකා ප‍්‍රධානතම කිරිපිටි සමාගමක ප‍්‍රධාන නිලධාරියකු පැවසුවේ කිරිපිටි මිල වැඩි කරන ලෙස රජයෙන් මාස කීපයකට සිට ඉල්ලීම් කළ ද එයට හොඳ ප‍්‍රතිචාරයක් නොලැබීම නිසා එම සමාගම වෙළෙඳපොලට සපයන ප‍්‍රධානම කිරිපිටි වර්ගයක් ආනයනය අත්හිටුවූ බවයි.
එම සමාගම වෙළෙඳපොලට සපයන අනෙක් නමගිය කිරිපිටි වර්ගය ඉදිරි මාස දෙකකට පමණ තොග තිබෙන බව කී එම නිලධාරියා පැවසුවේ කිරිපිටි වර්ග කීපයක් නොමැති වීම නිසා ඔවුන් සපයන කිරිපිටි වර්ගයට වැඩි ඉල්ලූමක් ඇති වීමෙන් කිරිපිටි හිඟයක් නිර්මාණය වී ඇති බවත්ය.
පාරිභෝගික ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ලසන්ත අගලියවන්න මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ මිල වැඩි කිරීමේ ඉල්ලීමත් සමඟ ඇතැම් කිරිපිටි සැපයුම නැවතුණ ද ඇන්කර් කිරිපිටි සපයන පොන්ටේරා සමාගම ඇතුළු සමාගම් කීපයක් අඛණ්ඩව කිරිපිටි සපයන බවට ප‍්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිරිපිටි නැතිවුණාට අවුලක් වෙන්නේ නැහැ හැබැයි. ඔය කරන්නේ වැඩිකරන්න නම් ඉඩ දෙන්න එපා. ගෑසිවලට කරපු උප්පරවැට්ටිය කරයිද දන්නේ නෑ... කිලෝ ග්‍රෑම් වෙනුවට ලීටර වගේ..
ඩොලර් ඩොලර් ඩොලර්. කෝ නැවෙන්වත් හම්බවුනේ නෑනේ. නැවත වරක් 1970 -77 යුගයට. අඩුම ගානේ ඒ කාලේ වවන්න පෝර ටික තිබුණා. දැන් ඒකත් නැහැ. බීලා මැරෙන්න වසවත් නෑ.
රට තුළ කිරි නිෂ්පාදනය වැඩිකරන්න අවශ්‍ය පියවර ගන්න ඩොලර් පිටට යන්නෙත් නැහැ... බහුජාතික සමාගම්වල තගට යටවෙන්න ඕනෙත් නැහැ.