( තිළිණි ද සිල්වා )
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් වහාම පාර්ලිමේන්තුව කැදවීමට පියවර ගත යුතු බව යුරෝපා සංගමය අද (30) යළිත් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව තුළ හදිසියේ ඇති වී ඇති දේශපාලන අස්ථාවරත්වය හා නොසන්සුන්තාවය හේතුවෙන් රට අවදානමකට ලක්ව ඇති බව යුරෝපා සංගමය පවසයි.
යුරෝපා සංගමයේ තානාපතිවරයා ඇතුළු අනෙකුත් ජාත්‍යන්තර හවුල්කරුවන් ඊයේ(29) දිනයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී ඇති බව එම නිවේදනයේ සඳහන්ය.
රටේ ව්‍යවස්ථාවට ගරු කරන විසදුමක් කඩිනමින් සොයා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස එහිදි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව යුරෝපා සංගමය පෙන්වා දෙයි.
ශ්‍රී ලාංකික ජනතාවගේ පූර්ණ යහපත උදෙසා සංහිදියාව සහ ප්‍රජාතන්ත්‍රවාදය ඉදිරියට ගෙනයාම සඳහා සිය සහයෝගය ලබාදීමට අපේක්ෂා කරන බව ද යුරෝපා සංගමය පවසයි.
COMMENTS
මේ අයට අපිටත් නැති උවමනාවක්නේ තියෙන්නේ.
රටේ ජනාධිපති ඉන්නවනම්, ඇමති මණ්ඩලයක් ඉන්නවා නම් කොහෙද දේශපාලන අස්ථාවරත්වයක් හා නොසන්සුන්තාවයක්? මෙයාලගේ අරමුණ පැහැදිලියි.
ප්‍රමාද වුනොත් වැඩේ වරදිනවා කියලා බයයි
සම්බාධක ගෙනෙන්නද හදන්නේ
මුළු රටේම ජනතාව එකතුවෙලා මෙන්න මේ විජාතික බලපෑමට එරෙහිව නැගි සිටින්න ඕනේ.. දැන් බැලුවහම ලංකාව පාලනේ කරලා තියෙන්නේ යුරෝප සංගමේනේ..
රටේ ආභයන්තර කටයුතුවලට ජාතියන්තරයට මැදිහත් වෙන්න අවස්ථාව සලසා දුන්න මෝඩ අවස්ථාවාදී පලාකයන්ට ඉදිරියේදී ජනතාව විසින් දඩුවම් කරනවා ඇත.
ජී.එස්. පී සහනය ඉවත්කරයිද?
අපේ නිල රතු කොළ පාට පැත්තකින් තියලා හිතන්න පරණ කොලනි මාස්ටර්ලා මොකද කලබල කියලා.
රුවන් හා නිෂාර් මහත්වරුනි ඇඟලුම් හා මාලු සඳහා G .S .P සහනය දෙන්නේ එම සංගමයෙන් කියල අමතකද? එය අහෝසිවුනොත් අප රටට පාඩුයි. යුරෝපා සංගමයට ලාභයි.
මේ උවමනාව ලංකාවේ ලක්ෂ 62 ඡන්දය දුන්න ජනතාවටත් තියෙනවා
අපරාදෙ සුද්ද අපිට නිදහස දුන්නෙ. එහෙම නොවුනනම් අපේ රට මේ අවුරුදු 70 දි මීට වඩා ගොඩක් දියුණු තැනක තියෙන්න තිබුණා. නිදහසින් පස්සෙ ආපු අපේම දශපාලකයො රට කෑවා. අද අපේ රට ජරා දේශපාලකයන්ගේ කොලනියක්. ගැලවීමක් පේන මානයක නෑ.
ඔහෙලගේ ආණ්ඩුව කලේ ඕකම තමයි.
දැන් 62 ට ඒ වුවමනාව නැහැ. ගොයියා ගැන ජනාධිපති හොඳ සහතිකයක් දුන්නා.
තවමත් දේශපාලනය ගැන හයක් හතරක් නොදන්නා දරුවන් වගේ ජීවත්වන අපේ රටේ ඡන්ද දායකයන්ට කොකා පෙන්වන අපේ දේශපලකයන්ට මේක හොඳ පාඩමක්..! විදේශිය රටවල් අපේ දේශපාලන විජ්ජාකාරයන්ගේ සූත්තරවලට අහු නොවෙන බව අපේ කෙරුමන් සිහියේ තබා ගත්තොත් ඒක ඔවුන්ට අයහපත් වුනත් රටට යහපත් වේවි...!!!