(නිමල කොඩිතුවක්කු)
කොළඹ හා තදාසන්න ප‍්‍රදේශවල පවතින රථවවාහන තදබදයට පිලියම් ලෙස ගුවන් පාලම්, උමං පදික මාරු, ගුවන් පදික මාරු ඉදිකිරීමේ විශේෂ වැඩපිළිවලක් මේ වසර තුළ ක‍්‍රියාත්මක කරන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා පැවසීය.
මෙයට අමතරව මාර්ග තදබදය පවතින ප‍්‍රදේශ මගහැර වෙනත් ප‍්‍රදේශයන් කරා ගමන් කිරිම පහසු කිරීමට විකල්ප මාර්ග හදුනාගෙන ඒවා සංවර්ධනය කිරීම සඳහා විශේෂ වැඩපිලිවලක් ක‍්‍රියාත්මක බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ අනුව කොහුවල, බාලදක්ෂ මාවත, උත්තරානන්ද මාවත සහ විනිසුරු අක්බාර් මාවත යන ප‍්‍රදේශවල ගුවන් පාලම් ඉදිකිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවත් ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා පැවසීය.
කොළඹ දිස්ත‍්‍රික්කයට අමතරව කුරුණෑගල දිස්ත‍්‍රික්කය තුළ මුත්තෙට්ටුගල, යාංගල්මෝදර, අලව්ව සහ මහව යන නගරවල ගුවන් පාලම් ඉදිකිරීමටත් මහනුවර දිස්ත‍්‍රික්කයේ ගැටඹේ ප‍්‍රදේශයේ ගුවන් පාලම් ඉදිකිරීමටත් මේ වන විට තීරණය කර ඇති බවත් අමාත්‍යවරයා ස`දහන් කළේය.
වන අලියෙකු පහර දීම නිසා මින්නේරිය රජඇල මහසෙන් මාවත පදිංචි පුද්ගලයකු ඊයේ (12) රාත්‍රී මරුමුවට පත්ව ඇතැයි මින්නේරිය පොලිසිය පවසයි.
ගම්පොළ දවුලගල ප්‍රදේශයේදී පැහැරගත් 18 හැවිරිදි පාසල් සිසුවිය අම්පාර ප්‍රදේශයේ බස නැවතුමක සිටියදී පැහැරගත් සැකකරු ද සමග පොලිස් බාරයට ගත් බව පොලිසිය කි
යතුරු පැදි සොරකම් කර ඒවා කොටස් කර අලෙවි කිරීමේ ජාවාරමක් මෙහෙයවු ස්ථානයක් වටලා කැබලි කර තිබු යතුරු පැදියක් සමග සැකකරුවෙකු පුත්තලම මූලස්ථාන පොලිසිය අඩ
ඉන්දියාවෙන් ආනයනය කළ බව කියන කහ කුඩු කිලෝ එකේ පැකට් 55 ක් අලෙවි කිරීමට සුදානම් කර තිබියදී පිටකොටුව වෙළඳ සැලකින් සොයා ගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධික
රුපියල් හතලිස් පන් ලක්ෂ අසූ හත් දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙ
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
වාහන තදබදය අඩුකරන්න කොළඹට ගුවන් පාලම්
විජිත් Sunday, 14 March 2021 11:35 AM
මෙයා හැරෙන කොට අපිට කියන්න පුළුවන් මොනවටද කියලා. මේ ඇත්තටම වාහන තදබදයට පිළිතුරුද? නැතිද?... කෙසේවෙතත් මේ "හදිස්සි" ව්‍යාපෘති පිටුපස "අදිසි" මුදල් ආකරයක් තියෙනවා. ගණ දෙවියන්ටත් නැති බුද්ධියක් මේ හොරරැලට තියෙන්නේ. හොරාකන්නම උපන් කාලකන්නි දේශපාලුවන්. සීනි කොතැනද? කුහුඹුවන් එතන වගේ කොමිස් කොතැනද? දේශපාලුවන් එතන...
janis Sunday, 14 March 2021 01:13 PM
හරි හරි ගහන්න පුළුවන් හැමතැනින්ම ගහගන්න. තව අවුරුදු දෙකකුත් නෑවගේ... ඉක්මන් කරන්න.
විපරමා Sunday, 14 March 2021 01:34 PM
කොයිතරම් හොඳ වැඩකටද අතගහලා තියෙන්නේ? තමුන්ටත් ලොකු කුට්ටියක් ලැබෙනවා නම් ඊටත් වැඩිය හොඳයි...
මාදං Sunday, 14 March 2021 04:57 PM
ගුවන් පාලම් නෙවෙයි... හොඳ ප්‍රවාහන සේවයක් හදන්න. කෝච්චි බස් වෙලාවට යන්න හදන්න. හොඳබස් හොඳ කෝච්චි රටට ගේන්න. එතකොට මිනිස්සු ඉබේම ඒවා වල යනවා. තමන්ගේ වාහන ගෙදර තියලා. සැහැල්ලු ගුවන් දුම්රිය නවත්තපු නූගත් හැත්තකට රටක් කරන්න පුළුවන්ද බොල? මහ එකා රටලු හිටියේ. රට පෙට්ට්‍රල් ශෙඩ් එකේ පෙට්ට්‍රල් ගහපු එකා අඩුම ගානේ ලංකාවේ රජයේ ඉන්ධන පිරවුම් හල් ටිකවත් හදලා ඉන්දියන් කාරයගේ IOC එකට මිනිස්සු යන එකවත් නවත්ත ගන්න බැරි එකා රට හදයි.
rocky Monday, 15 March 2021 12:39 AM
ගහන්න පුළුවනි.. රාජකීය ගැහිල්ලක් නේද?
chathura Monday, 15 March 2021 02:01 AM
ඉතාමත් හොඳ වැඩක්. මේ සඳහා විශාල වියදමක් නැතිව යකඩවලින් කරන්න පුළුවන්. මෙයා කොළඹට විතරක් සීමා නොවී කිරිබත්ගොඩ, කඩවත්, අඟුලාන, බීච් රෝඩ් අත්‍යාවශ්‍යම තැන් කීපයක්. විශේෂයෙන්ම පාසල් ඇති ස්ථානවල..
Sudu Monday, 15 March 2021 02:02 AM
ට්‍රැෆික් ලයිට් නැතුව ප්‍රධාන පාරේ පදිකමං තීරු ඉරි අදින්නේ නැහැ. අනිවාර්යෙන් අනතුරු වෙන බව ඕනිම කෙනෙක් දන්නවා.
දිමුත් Monday, 15 March 2021 05:23 AM
ඕවා නෙමෙයි කොළඹට අවශ්‍ය... සැහැල්ලු දුම්රිය ලබාදෙන්න. අපි තදබදේ අපා දුක් විඳිනවා.