
(යොහාන් භාසුර)
වාහන අමතර කොටස් සහ කෝපි සාදන යන්ත්‍රවල කොටස් ලෙස හඟවමින් ඩුබායි සිට ආනයනය කරන ලද පාර්සල් කීපයක් තුළ ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබූ රුපියල් කෝටි 22 ක් පමණ වටිනා රත්තරන් කිලෝ 16 ක් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීහූ අද (27) සමත් වූහ.
ව්‍යාජ ව්‍යාපාර නාම භාවිතා කරමින් ගුවන් බඩු අංශයේ කුරියර් ආයතනයක් හරහා මෙම මහා පරිමාණයේ රත්තරන් ජාවාරම කරගෙන ගොස් ඇති බව කී රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ සුදත්ත සිල්වා මහතා පැවුසවේ මෙම භාණ්ඩවල අභ්‍යන්තරයේ අඩංගු තාක්ෂණික කොටස් රත්තරන්වලින් නිර්මාණය කර සවිකර රේගුව නොමග යැවීමට ජාවාරම්කරුවන් කටයුතු කිරීම කැපී පෙණෙන බවයි.
මෙම රත්තරන් සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවත් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය විසින් ක්‍රියාත්මක කරන බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.


2025 දෙසැම්බර් මස 18
638
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වාහන අමතර කොටස් ලෙස ගෙනා රත්තරන් පන්නන්න බැරි වෙයි
kamal Tuesday, 28 September 2021 07:48 AM
තරහා කාරයෙක් දීපු ඔත්තුවක් තමයි