චීනයේ වූහාන් නගරයේ සිටි ශ්‍රී ලාංකීය සිසුන් 33 දෙනෙකු රැගත් ශ්‍රී ලංකන් ගුවන් යානයක් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත අද (01) ළඟාවිය.
ඔවුන් දියතලාව යුද හමුදා කඳවුර වෙත රැගෙන යාමට නියමිතය.





ඡායාරූප - සූරියවැව දිලීප් ජයසේකර
චීනයේ වූහාන් නගරයේ සිටි ශ්‍රී ලාංකීය සිසුන් 33 දෙනෙකු රැගත් ශ්‍රී ලංකන් ගුවන් යානයක් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත අද (01) ළඟාවිය.
ඔවුන් දියතලාව යුද හමුදා කඳවුර වෙත රැගෙන යාමට නියමිතය.





ඡායාරූප - සූරියවැව දිලීප් ජයසේකර
COMMENTS
ඇල්ල, වැල්ලවාය, බණ්ඩාරවෙල, හපුතලේ වැසියන් ගෙවල්වලටම වෙලා මුඛවාඩම් දාගෙන ඉන්න. ඇයි මේ අයව ජනශුන්‍ය විල්පත්තුව වැනි ප්‍රදේශයකට ගෙනිච්චේ නැත්තේ? කාට හරි බයේද?
ගුවන් යානයක ගමන් කළ හැක්කේ මගීන් 33කටද?
රටවැසියන්ගේ ආරක්ෂාව ගැන කැක්කුමක් ඇති, ඒ වගේම අවස්ථාවට උචිත සුදුසු කඩිනම් පියවර ගන්න උතුම් ජනාධිපතිවරයකු ලැබී තිබීම ගැන ඇත්තටම ආඩම්බරයි
බොහොම පරිස්සමින් කරන්න. මේක පැතිරුණොත් ලංකාවම ඉවරයි. හොර දේශපාලුවන් ඔවුන්ගේ පවුල් පිටින් රටින් පැනලා බේරේවි.
සද්ද බද්ද නැතුව කරන්න ඕනෑ දේ ගැන දැක්මක් ඇති ජනාධිපතිතුමාගේ දර්ශනය ගැන ආඩම්බරයි.
ස්තූතියි ජනාධිපතිතුමනි...,
අර අපි ගැන බලන්නේ නැහැ කියලා චෝදනා කරපු අචාර්ය උපාධි අපේක්ෂකයත් එන්න ඇති කියලා හිතනවා. ඕස්ට්‍රේලියාවත් දැන් තමයි ගෙනෙන්නේ. අපේ රට ලාංකිකයන් ගැන හොයන එක මගහැරියා කියන්න බැහැ.. ඒ නිසා. අපේ රට මේ කර්තව්‍යයේ ඉදිරියෙන්ම ඉන්නවා...
අර වංශගේ පුත්‍ර රත්නය ගෙන්වා ගැනීමට ජනතා බදු මුදලින් ගුවන් සමාගම ගුවන් යානයක් ගුවන් තොටුපලට ගොඩ බෑ වගයි.
මොකටද මේ ළමයි වසංගත රෝගීන් ලෙස හඳුන්වන්නේ..? එහෙ හිටිය නිසා ටික දවසක් වෙන් කර තැබීම වැදගත් වුවත් මෙසේ ප්‍රසිද්ධ කර කොන් කිරීම අවැඩක්.. අවුරුදු දෙක තුනක් මෙරට හිටපු චීනෙක් ඉඳලා බස් එකෙන් බැහැලා ගිය කාලකන්නි ඉන්න රටක් මේක.. මේ අය කොන් කරන්න බැරි නෑ. එහෙම කාලකණ්නි ජාතියක් ඉන්නේ...
මෙන්න මේ වගේ හොඳවැඩ අගය කරන්නත්, නරකදේ විවේචනය කරන්නත් අප ඉගෙනගත් අයත් රට හොඳ අතටයි..
පම්පෝරි ගහන්නේ නැති, බය නැතුව වැඩ විතරක් පෙන්නන ජනාධිපති කෙනෙක්...
ඒ වුණාට කජු නං...
මේ ගෙනාපු අය අතරෙ මගෙ නම් කවුරුවත් නෑ. නමුත් මේ අපේම අය.
මේ වගේම මැදපෙරදිග ගිහිල්ලා අසරණවෙලා අනාථ කඳවුරුවල ඉන්න අපේ සහෝදරයන් ටිකත් රජය මැදිහත් වෙලා ගෙන්න ගත්තොත් හොඳයි නේද?
උඩ සමහර කමෙන්ට් දැක්කාම පිළිකුලක් හිතෙනවා. මේ අය මිනිස්සුද කියලා හිතෙනවා. මේ අපේම රටේ දරුවෝ... අපි ඔවුන් ගැන බලන් නැතිනම් කව්ද බලන්නේ?
මෙතැන පිටිගල මිලානෝ නමින් දෙතුන් දෙනෙක් පෙනී ඉන්නවා වගෙයි. බලන්න එ්කේ තියෙන්නේ වෙනස් කතා දෙකක්...
ආඩම්බරයි, දුප්පත් රටක් වෙලත් මෙහෙම දෙයක් කරන්න පුළුවන් වීම... මේ වගේ දේවල් කලින් දේශපාලුවන්ට විතරයි තිබුණේ. ඉදිරියටත් ප්‍රවේසමින් හැමදේම හරියන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
මොන මගුලක් කරනවද මේ ආණ්ඩුව? මට සතියක් කතා කරන්න තිබුණු මාතෘකාව ඉවර කළා...
අපරාදේ ඉක්මන්වෙලා ජීව විද්‍යාත්මක අවිගැන පුහුණුවලත් විශේෂ ගුවන් හමුදා බලකායක් මේ වැඩේට යොදාගත්තේ.... අර සජි පුතාගේ කාර්යසාධක බලකායට වැඩේ බාරදෙන්න තිබුණානේ. අනේ මේ පුතාට රට බාරදීලා තිබුණු කාලෙක මේ දේ වුණා නම් රටත් විනාශයි. අපිත් විනාශයි.
අපේ රටේ වැසියන් චීනේ සංචාරය කරා නම් හෝ චීනෙන් එන පුද්ගලයින්ව අනිවාර්යයෙන්ම සුමාන දෙකකට හුදෙකලාව තබන එක තමා හොඳම විසඳුම...
යූ.එන්.පී ආණ්ඩුව මේ ගුවන් තොටුපල වී ගබඩා කිරීමට නිර්දෙශ කොට එසේ කළා. එහෙම තියෙද්දි මේ හරහා සිසුන්ව ගෙනා එක වැරදියි නේද ?
ජාතියේ ප්‍රණාම තමන්ගේ රටේ මිනිස්සු ගැන හිතන ශක්තිමත් නායකයෙක් වන ගෝඨාභය මහත්මයාට හිමිවිය යුතුයි. කුහකයින් කිහිපදෙනෙක් හිටියත් අපට අභිමානවත් ජාතියක් ලෙස ඉදිරියට යන්නට මාර්ගය සැකසී ඇති බව පෙනේ.
එජාප රජය තිබුනා නම් මෙලහකට වසංගතය ව්‍යාප්ත වෙලා ඉවරයි. ඇයි තීරණ ගන්න කොන්ද ඇති අය හිටියෙ නැහැ.