
(ඩී.ජී.සුගතපාල සහ සුමතිපාල දීයගහගේ)
වාහන සඳහා ව්‍යාජ පොත් සහ ලිපි ලේඛන සකසා ලීසිං කර මූල්‍ය සමාගම්වලින් රුපියල් කෝටි ගණන් වංචා කරන ලද පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මිටියාගොඩ සහ තල්ගස්වල ප්‍රදේශවල පදිංචි සැකකරුවන් දෙදෙනෙකි. ගාල්ල ප්‍රදේශයේ මූල්‍ය ආයතනයකින් කරන ලද පැමිණිල්ලක් අනුව ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
එම ආයතයෙන් වාහන ලීසිං කර පුද්ගලයින් 5දෙනෙකු පසුගිය වසරේ ජනවාරි රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් ලබාගෙන තිබිණි. ඒවායේ වාරික නොගෙවීම නිසා මුල්‍ය ආයතනය මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයෙන් සොයා බැලීමේදි අනාවරණය වී ඇත්තේ එම පොත්වලට එවැනි වාහන නොමැති අතර ඒවා වෙනත් වාහනවලට අයත් පොත් බවය.
ඒ අනුව මුල්‍ය ආයතනය විසින් පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. පරීක්ෂණවලදි අනාවරණය වී ඇත්තේ සැකකරුවන්ට වාහන කිසිවක් නොමැති අතර ව්‍යාජ ලෙස වාහනවල පොත් සකසා ලීසිං කර මූල්‍ය සමාගම්වලින් රුපියල් කෝටි ගණන් ලබාගෙන ඇති බවය.
සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවද පොලිසිය පවසයි. පොලිසිය පැවසුවේ මෙය දිවයින පුරා කරන ලද සංවිධානාත්මක අපරාධයක් බවට සැකකරන බවය. සැකකරුවන් අද(14)ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වාහනවලට ව්‍යාජ ලිපි සකසා-ලීසිං කර කෝටි ගණන් වංචා කරලා
Rohana Friday, 14 August 2020 10:05 AM
වරද ලීසිං සමාගමේ. අයිතියේ නීත්‍යානුකූල බව සොයන්නේ නැතිව ලීසිං අනුමත කර ණයදුන්නේ ඇයි?
hilda Friday, 14 August 2020 12:21 PM
මෙතන පැහැදිලි වැරැද්ද ලීසිං සමාගමේනේ...