
(මොහොමඩ් ආසික්)
මධ්‍යම කඳුකරය පුරා මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් ප්‍රදේශයේ ජල මූලාශ්‍ර සියල්ල ජලයෙන් පිරී පවති.
මධ්‍යම කඳුකරයේ ජලාශ කිහිපයක වාන් දොරටු මේ හේතුවෙන් විවෘත කරනු ලැබූ අතර කඳුකරය හැඩ ගන්වන දිය ඇලි සියල්ල මේ වන විට සක්‍රීයව තිබේ.
මධ්‍යම කඳුකරය හැඩ කරන දිය ඇළි කිහිපයක් මෙසේ දිස් විය.
අඩි 125 ක් උස හුන්නස් ෆෝල්ස් දිය ඇල්ල සහ වත්තේගම රහස් ඇල්ල දිය ඇල්ල මෙසේ දිස් විය.
හුන්නස් ෆෝල්ස් දිය ඇල්ල ඇල්කඩුව හුන්නස්ගිරිය වතුයායට යාව පිහිටා තිබේ.
වත්තේගම රහස් ඇල්ල ද මේ වන විට ජලයෙන් පිරී පවතින අතර මෙම ප්‍රදේශයේ ජලයෙන් පෝෂිතව ඇති කුඩා දිය ඇල්ලක් ලෙස සුවිශේෂ ස්ථානයක් ගනී.වත්තේගම පන්විල මාර්ගයේ මෙම දිය ඇල්ල පිහිටා තිබේ



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
" කවියක් ලියමි වෙත මේ සුන්දර ඇල්ල ... කඩා හැලෙන අසිරිය සිත කොට මෙල්ල... සුන්දර සොබා කුමරිය ගැන සිත ලොල්ල... පියඹා යන මනස සුවදෙන පිණි රැල්ල... "