
(නිමල් ජයරත්න)
ශ්‍රී ලංකා යුද හමුදාවේ දායකත්වයෙන් ,නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ රණවිරුවන් නිෂ්පාදනය කරන ලද ප්‍රථම කාබනික පොහොර තොගය ශ්‍රී ලංකා පොහොර සමාගම වෙත නිල වශයෙන් බාරදීම නැගෙනහිර ආරක්ෂක සේනාංකාධිපති මේජර් ජෙනරාල් චන්න වීරසූරිය මහතාගේ සහ සහභාගිත්වයෙන් එම මූලස්ථානයේ දී සිදුවිය.
මෙහිදී පළමු අදියර ලෙස කොම්පෝස්ට් පොහොර කිලෝ 86,961 ක් ශ්‍රී ලංකා පොහොර සමාගමේ නැගෙනහිර පළාත් සාමාන්‍යාධිකාරී ආර්. ඒ. පී. පෙරේරා මහතා බාරගත් අතර නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය මගින් අදියර හතරක් යටතේ නිෂ්පාදනය කිරීමට නියමිත කාබනික පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 3600 කි.
ශ්‍රී ලංකා යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ අධීක්ෂණය මත යුද හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා යුධ හමුදා ආරක්ෂක සේනා මූලස්ථානය මගින් මෙම කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කරයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් අපේක්ෂිත දේශීය හා ජාත්‍යන්තර පාරිභෝගිකයාට වස විසෙන් තොර කෘෂි නිෂ්පාදන ලබා ගැනීම සඳහා පරිසර හිතකාමි වගාවන් සඳහා වූ කාබනික පොහොර නිෂ්පාදනය ඉහළ නැංවීම වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොම්පෝස්ට් පොහොර හදන එක හොඳයි අඩු ගානේ ආමි එකට විකුණලා ලැබෙන ලාබයෙන් කොටසක් ඕවා කරන්න මහන්සි වෙන ආමි එකේ කොල්ලන්ටත් දෙන්න බලන්න /ඒ කොල්ලෝ හැම දේටම මැරිලා වැඩ කරනවා ,ලොක්කෝ ලකුණු ගන්නවා