(යොහාන් භාසුර)
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටියදී පිරිසිඳු කාරක දියරයක් පානය කිරීමෙන් අසාධ්‍ය තත්වයට පත්ව මියගිය ඉරාන ජාතිකයන් දෙදෙනාගේ ඥාතීන් පශ්චාත් මරණ පරීක්‍ෂණයට සහභාගි වීම ප්‍රතික්ෂේප කර ඇති බව පොලිසිය පවසයි.
එම ඉරාන ජාතිකයන් දෙදෙනාගේ ඥාතීන් පශ්චාත් මරණ පරීක්‍ෂණයට සහභාගිවීම ප්‍රතික්ෂේප කළේ යැයි ඉරාන මහකොමසාරිස් කාර්යාලය දැනුම් දුන් බව කී පොලිසිය ඒ අනුව ඔවුන්ගේ මරණ පරීක්‍ෂණය ඉරාන මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන්ගේ ද සහභාගිත්වයෙන් අද (22) පැවැත්වීමට නියමිත බව ද සඳහන් කළේය.
පශ්චාත් මරණ පරීක්‍ෂණයෙන් පසුව මළ සිරුර දෙකක ඉරාන මහකොමසාරිස් කාර්යාලය බාරදනෙ බවත් ඉන් පසුව ඔවුන් ඉරානයට යවනු ඇති බවත් පොලිසිය වැඩි දුරටත් පැවසීය.
ඉරාන ජාතික සැකකරුවන් 12 දෙනකු කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර තුළදී මේ මස 14 වැනිදා රාත්‍රී පිරිසිඳු කාරක දියරයක් පානය කිරීම නිසා ඇති වූ රෝගී තත්වයෙන් රෝහල්ගත කළ අතර ඒ අතරින් මේ දෙදෙනා පමණක් මරණයට පත්වූහ.
හෙරොයින් මත්කුඩු කිලෝ 70 ක පමණ ප්‍රමාණයක් සමඟ 2019 වසරේ පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති මෙම ඉරාන ජාතිකයන් දෙදෙනා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රිමාන්ඩ් බාරයේ පසුවූහ.
2025 දෙසැම්බර් මස 30
47
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
716
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වස බී මිය ගිය රැදවියන්ගේ ඥාතීහු නොයෙති
kamal Saturday, 23 October 2021 09:56 AM
රිමාන්ඩ් එකේ ඉඳලා රිමාන්ඩ් එකෙන් දීපු දෙයක් බීලා මලා නම්, වගකීම් 100% රජයෙනේ.. ආ මේක අපේ ආණ්ඩුවනේ...