( තිළිණි ද සිල්වා )

නව ආගමික හා විගමන රෙගුලාසි අනුව විදේශිකයින් සඳහා වීසා ගාස්තු හා දඩ මුදල් සංශෝධනය කර ඇතැයි ආගමන විගමන දෙපාර්තමේන්තුව කියා සිටී.

ශ්‍රී ලංකාව තුළ විසා නොමැතිව හෝ විසා කාලය ඉක්මවා රැඳී සිටින පුද්ගලයින්ගෙන් අදාළ වීසා ගාස්තුවට අමතරව අමෙරිකානු ඩොලර් 500ක දඩයක් අයකරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් සදහන් වේ.

අගෝස්තු මස 18 වනදා හඳුන්වාදුන් නව ආගමන හා විගමන රෙගුලාසි යටතේ එම සං‍ශෝධනය සිදුකර ඇති බව ද , අදාළ වීසා කාණ්ඩය යටතේ නව වීසා ලබාගැනීම සඳහා අමෙරිකානු ඩොලර් 40ත් 200ත් අතර මුදලක් අයකරන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් නිකුත්කළ නිවේදනය පහතින් දැක්වා තිබේ.