( ඩී.කේ.රත්න )
හපුතලේ ඉදල්ගස්හින්න ප‍්‍රදේශයේ ලැගුම්හලක අද (10) ඇතිවූ හදිසි විස දුම් තත්වයක් හේතුවෙන් පුද්ගලයකු මියගොස් තවත් දෙදෙනෙකු අසාධ්‍ය තත්වයෙන් දියතලාව මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි හපුතලේ පොලීසිය පවසයි.
හපුතලේ ඉදල්ගස්හින්න ලැගුම්හලේ හිමිකරු වන 60 හැවිරිදි ලෝගනාදන් බාලචන්ද්‍ර නැමත්තා මෙලෙස මිය ගොස් ඇත.
මෙම අවන්හලේ නතරවී සිටි සංචාරක පිරිසකට ආහාරය සඳහා මස් පුළුස්සා පිළියෙළ කරදී සීතල නිසා එම උදුන නිදන කාමරයේ තබා නිදාගෙන සිටියදී කිසියම් දුමක් ආඝ්‍රණය වීමෙන් තංගමලේ ප‍්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් හපුතලේ පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය නියත වශයෙන්ම කාබන්මොනොක්සයිඩ් ආග්‍රහණය වීමෙන් සිදුවූ දෙයක්... කිසිම ආකාරයක උඳුනක්, වැසුණු කාමරකයක තබා භාවිතා නොකළ යුතුයි.
මෙවන් සිද්දි මීට පෙරත් සිදුවී තිබිලත් නොදැනුවත්ව සිටීම ඉතාම කණගාටුවට කරුණක්. පෙර ගම්පහ තරුණියගේ සිද්දිය වෙලාවෙවත් සියලු ලැගුම්හල් සේවකයන් හා මහජනතාව දැනුවත් කිරීමේ වැඩමුළුවක් පාඨමාලාවක් හෝ ශ්‍රව්‍ය, දෘශ්‍ය මාධ්‍ය හරහා යම් වැඩසටහනක් නිෂ්පාදනය කර විකාශනය කිරීමට සංචාරක අමාත්‍යාංශයවත් උනන්දු වුනානම් තවත් වටිනා ජීවිතයක් අකාලයේ නැති නොවෙන්න තිබුණා.