IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


විස දුමක් ආඝ්‍රාණය වීමෙන් ඇඟලුම් සේවිකාවෝ 15 ක් රෝහලේ

(තිලකරත්න දිසානායක)

යක්කල ඇගලුම් කම්හලක සේවිකාවන් පිරිසකට විස දුමක් ආඝ්‍රාණය වීමෙන් අද (10) සවස 2 පමණ වනවිට සේවිකාවන් 15 දෙනෙකු ප්‍රතිකාර සඳහා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබේ.

එම සේවිකාවන්ට හිසරදය , ක්ලාන්තය , වමනය , ඇග කැසීම වැනි රෝග තත්ත්වයන් ඇතිවීමෙන් මෙලෙස රෝහල් ගත කළ බව ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමන් පතිරණ මහතාගෙන් කළ විමසිමේදී දැනගත හැකි විය. 

මැසි,මදුරු උවදුර මැඩලීම පිණිස එම කම්හල මගින් පෙරේදා මැසි මදුරු නාශකයක් යොදා ඇති බවත් එය ආඝ්‍රාණය වීමෙන් මෙලෙස රෝගී තත්ත්වයන් සිදුවන්නට ඇති බවටත් සැකකරන බව අධ්‍යක්ෂකවරයා පැවසීය. 

රෝගීව රෝහල් ගත කෙරුණු පිරිස දැඩි සත්කාර ඒකකයට සහ 16 වෙනි වාට්ටුවට ඇතුළත් කළ බවත් ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවත් අධ්‍යක්ෂකවරයා කීය.

මෙලෙස සේවිකාවන් පිරිසක් රෝගීවීම සම්බන්ධයෙන් සොයා බැලීමට ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට දැනුම් දුන් බවද හෙතෙම සඳහන් කළේය.   

 



අදහස් (1)

විස දුමක් ආඝ්‍රාණය වීමෙන් ඇඟලුම් සේවිකාවෝ 15 ක් රෝහලේ

surath Monday, 10 February 2020 10:33 PM

මේක විභාග කිරීම පරිසර අධිකාරියේ හා ස්වස්ථ ආයතනයේ රාජකාරියක් නොවෙයිද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 677 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 325 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site