(නිමන්ති රණසිංහ)
හුදකලා කර තිබූ දිස්ත්‍රික්ක තුනකට අයත් ග්‍රාම නිලධාරී වසම් පහක් අද 13 උදෑසන 6 සිට හුදකලා බවින් මුදා හළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව හුදකලා බවින් මුදා හල ප්‍රදේශ පහත සඳහන් වේ.
ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල පොලිස් බල ප්‍රදේශයේ හැඳල උතුර ග්‍රාම නිලධාරී වසමේ ඕලන්ද ග්‍රාමය
හැඳල උතුර ග්‍රාම නිලධාරී වසමේ රබර් වත්ත ග්‍රාමය
මඩකලපුව දිස්ත්‍රික්කයේ කාත්තන්කුඩි පොලිස් බල ප්‍රදේශයේ මන්ජන්තෝඩුවායි උතුර සහ මනජන්තෝඩුවායි දකුණ ග්‍රාම නිලධාරී වසමේ ජින්නා පාර
කොළඹ දිස්ත්‍රික්කයේ වැල්ලම්පිටිය පොලිස් බල ප්‍රදේශයේ සිංහපුර ග්‍රාම නිලධාරී වසම

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.