IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


වාස් ගුණවර්ධනට එරෙහි නඩුවේ සංශෝධිත චෝදනාවට නිවැරදිකරු බව උසාවියට දන්වයි

(මනෝප‍්‍රිය ගුණසේකර)

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ලෙස කටයුතු කළ වසර තුනක කාලය තුළ නීතීවිරෝධි ක‍්‍රියාකාරකම් වලින් රුපියල් කෝටි 44 1/2 කට අධික මුදලක් උපයා ගත් බවට චෝදනා ලැබ සිටින හිටපු පාර්ලිමේනතු මන්ත‍්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතාට එරෙහි නඩුවේ සංශෝධිත චෝදනාවන්ට තමන් නිවැරදිකරු බව සජින් ද වාස් ගුණවර්ධන මහතා අධිකරණයට දැනුම් දීමෙන් පසුව ඔහුට එරෙහි නඩුව විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (25) තීරණය කළේය.

නීතීවිරෝධි ක‍්‍රියාකාරකම් වලින් රුපියල් කෝටි ගණනක මුදලක් උපයා ගත් බවට සජින් ද වාස් ගුණවර්ධන මහතාට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කළ දුෂණ විරෝධී පෙරමුණේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතාගේ සාක්කියෙන් මෙම නඩුවේ සාක්කි විභාගය ආරම්භ කිරීමට විනිසුරුවරයා පියවර ගත්තේය.

2011 මාර්තු මස 31 වැනිදාත් 2014 දෙසැම්බර් මස 23 වැනිදාත් අතර කාලයේ කොලඹදී නීතීවිරෝධි ක‍්‍රියාකාරකම් වලින් රුපියල් 44,51,11,567.70 ක මුදලක් උපයා ගත් බවටද නීතීවිරෝධි ක‍්‍රියාකාරකම් වලින් එම මුදල් උපයා ගත් බව දනිමින්ම ඉන් රුපියල් 30,62,68,194.76 ක මුදලක් සමාගමේ නමින් ඇති බැංකු ගිණුම් වල තැන්පත් කළ බවටද විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා ඇත.

විත්තිකරු විසින් මුදල් විශූද්ධීකරණ පනත යටතේ දඩුවම් ලැබිය යුතු වරදක් සිදුකොට ඇති බවද නීතීපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව වැඩිදුරටත් චෝදනා නඟා ඇත.

සජින් ද වාස් ගුණවර්ධන මහතා විසින් නීතීවිරෝධි ක‍්‍රියාකාරකම් වලින් මුදල් උපයන බවට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශනයක් ආරම්භ කරන ලද බවත් එලෙස සිදුකළ විමර්ශනයේදී විත්තිකාර සජින් ද වාස් ගුණවර්ධන 2010 වසරේ පාර්ලිමෙන්තු මැතිවරණයට තරඟ කිරීම සඳහා නාමයෝජනා බාරදෙන විට ‘කොස්මෝස්’ නාමය යටතේ ව්‍යාපාර 21 ක් ඔහු සතුව තිබී ඇති බවට සාක්කි ඇතැයි නීතීපතිවරයා අධිකරණයට දැනුම් දී ඇත.

 

මෙපමණ විශාල මුදල් කන්දරාවක් ලැබීමට තරම් විත්තිකරුට හෝ ඔහුගේ බිරිඳට ආදායම් මාර්ග නොමැති බවද ඒ බව විත්තිකරු හා ඔහුගේ බිරිඳ විසින්ද පිළිගෙන ඇතැයිද මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් සිදුකළ විමර්ශනවලදී මෙපමණ විශාල මුදල් කන්දරාවක් ලැබුණේ කෙසේදැයි හෙළි කිරීමට විත්තිකරුට හෝ ඔහුගේ බිරි`දට හැකියාවක් ලැබී නැති බවද නීතීපතිවරයා විසින් වැඩිදුරටත් අධිකරණයට දැනුම් දී ඇත.

මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරු අධිකරණයේ පෙනී සිටියේය.

විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ජීවන්ත ජයතිලක මහතා කරුණු ඉදිරිපත් කරමින් ප‍්‍රසාද් දිමුතු කුමාර හා රම්‍යා කුමාරී නමැති සාක්කිකරුවන් 2015 සිට 2019 අතර කාලයේදී අවස්ථා 26 කදී රහස් පොලිසියට ප‍්‍රකාශ ලබාදී ඇතැත් එම ප‍්‍රකාශ තමන්ට ලබාදී නොමැති තත්වයක් තුළ නඩුවේ විත්ති වාචකය පිළියෙළ කිරීමට හැකියාවක් නැතැයිද එමෙන්ම නඩුවේ සාක්කි වශයෙන් ඉදිරිපත් කරන සංයුක්ත තැටි 10න් 03ක් නිසි අන්දමින් ක‍්‍රියාත්මක නොවන තත්වයක් තුළද නඩුව පවත්වාගෙන යෑමේදී ගැට`ථ මතුවිය හැකියැයි පැවසීය.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙම නඩුවේ අධිචෝදනා පත‍්‍රයද සමඟ අදාළ සාක්කිවල පිටපත් විත්ති පාර්ශවයට බාරදුන් බවත් කෙසේ නමුත් යළිත් එම සාක්කිවල පිටපත් විත්ති පාර්ශවයට බාරදිය හැකියැයි පවසමින් සාක්කිවල පිටපතක් විත්ති පාර්ශවයට බාර දුන්නේය.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ නලීන් හේවාවසම් මහතා සමඟ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා පෙනී සිටි අතර විත්තිකරු වෙනුවෙන් නීතීඥ ජීවන්ත ජයතිලක මහතා පෙනී සිටියේය.



අදහස් (0)

වාස් ගුණවර්ධනට එරෙහි නඩුවේ සංශෝධිත චෝදනාවට නිවැරදිකරු බව උසාවියට දන්වයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 74 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 876 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site