දිවයින පුරා සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව උතුරමැද , මධ්‍යම සහ සබරගමුව පළාත් වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර සවස් හා රාත්‍රී කාලයේ බස්නාහිර ,වයඹ,දකුණු පළාත්වලට වැස්ස පැතිර යා හැකි බව සඳහන් කරයි.
වයඹ, බස්නාහිර,මධ්‍යම සහ සබරගමුව පළාත්වල මෙන්ම ගාල්ල,මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උතුර, උතුරුමැද සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ක පමණ තරමක වැසි ඇතිවිය හැකිය.
මධ්‍යම සහ සබරගමුව පළාත්වල ඇතැම් ප්‍රදේශ වලට උදෑසන කාලයේ මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මීට අමතරව ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවලට තාවකාලිකව තද සුළං ද ඇතිවිය හැකිය.
(28535)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd