(යොහාන් භාසුර)
රට පුරා ප්‍රදේශ රැසක පසුගිය දිනවල ඇති වූ අයපත් කාලගුණ තත්වයෙන් පුද්ගලයන් සිවුදෙකෙන් මරණයට පත්ව ඇති බවත් එහිදී පුද්ගලයන් දෙදෙනෙක් ගං වතුර ද, දෙදෙනෙක් අකුණුවලට ද, බිලිවූ බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුදත්ත රණසිංහ මහතා පැවසීය.
එම අනපේක්‍ෂිත වැසි, ගං වතුර සහ සුළං තත්වයෙන් හේතුවෙන් දිස්ත්‍රික්ක 10 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 41 කට බලපෑම් එල්ල වූ බව කී මේජර් ජෙනරාල් සුදත්ත රණසිංහ මහතා එහිදී පවුල් 1444 කට අයත් පුද්ගලයන් 5790 ක් ආපදාවට පත්වූ බව ද සඳහන් කළේය.
එහිදී පූර්ණ නිවාස හානි තුනක් සහ අර්ධ නිවාස හානි 409 ක් වාර්තා වූ බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 යන දුරකථනය හරහා පැය 24 පුරාම ආපදාවට පත්ව සිටින පුද්ගලයන්ට තොරතුරු ලබාදිය හැකි බවත් සුදත්ත රණසිංහ මහතා කීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.