
(අංජුල මහික වීරරත්න)
අධික වාර්ෂාව නිසා හානියට පත්ව ඇති කුඹුරු ඉඩම්වල හානි තක්සේරු කොට සහන ලබා දීමට රජය තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
හානි තක්සේරු කර අදාල සහන ලබා දීමට කඩිනමින් පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කෘෂි රක්ෂණ මණ්ඩලයට හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.
මේ අනුව හානියට පත් කුඹුරු ඉඩම් හිමියන්ට නැවත වී වගා කිරීම සඳහා අවශ්‍ය බිත්තර වී හා කාබනික පොහොර ඇතුළු සහනාධාර ලබා දීම සඳහා අදාළ ඇස්තමේන්තු සකස් කර ඉදිරිපත් කරන ලෙස ද ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා උපදෙස් දුන්නේය.
මෙවර මහ කන්නයේ වගා හානිය කුඹුරු හෙක්ටයාර් 30,000කට වැඩි නොවන බව දිවයින පුරා ගොවිජන සංවර්ධන නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවේදී අනාවරණය වු බව කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ යෝධයා ඕන දෙයක් දෙනවා, හැබැයි වචනවලින් විතරයි..
හැම දෙයක්ම දෙනවා කියනවා... කොහේද සල්ලි තියෙන්නේ රට බංකොළොත්...
කුඹුරු ඉඩම්වල හානි තක්සේරු කොට සහන ලබා දීමට අවශ්‍ය නැත. කිසිඳු ගොවියකු පොහොර සහ කෘෂි රසායන නොමැති නිසා වගා කර නැත. කියනකොට ප්‍රවේසමෙන් කියන්න.. ජනතාවගෙන් ගුටිකන්නේ තවම පඹයින් පමණි.. !!!
මෙයා දෙන සහන.. මෙයාගේ දීම කෙසේ වෙතත් ගමට ආවානම් මෙයාට දෙන්ඩ කට්ටිය බලාගෙන ඉන්නේ.