(විනීතා එම් ගමගේ)
අධික වැසි සහ ගංවතුරෙන් විපතට පත්වූ මුලතිව්, කිලිනොච්චි සහ මන්නාරම දිස්ත‍්‍රික්කවල ජනතාව වෙනුවෙන් කඩිනමින් සහන සැලසීම සඳහා අවශ්‍ය ප‍්‍රතිපාදන කඩිනමින් මුදාහරින ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අදාළ නිලධාරින්ට උපදෙස් දී ඇත.
ගංවතුර තර්ජනය පහව යනතෙක් තර්ජිත ප‍්‍රදේශ වල වැසියන් සියලූ දෙනා වෙත අවශ්‍ය සියලූ පහසුකම් නොපමාව සලසන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.
ඒ සඳහා අවශ්‍ය ප‍්‍රතිපාදන කඩිනමින් දිස්ත‍්‍රික් ලේකම්වරුන් වෙත මුදාහරින ලෙසත් අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු අදාළ අංශවලට උපදෙස් දී ඇති ජනාධිපතිවරයා උතුරු පළාත් ආණ්ඩුකාරවරයා, දිස්ත‍්‍රික්ලේකම්වරුන්, යුද හමුදාපතිවරයා සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන එක්ව මෙම සහන වැඩසටහන් කඩිනමින් ක‍්‍රියාත්මක කරන ලෙසට ද වැඩිදුරටත් උපදෙස් දී ඇත.
උතුරු පළාතට බලපෑ තද වැසි හේතුවෙන් කිලිනොච්චි, මුලතිව් සහ මන්නාරම දිස්ත‍්‍රික්ක ගංවතුර තර්ජනයට මුහුණ පෑ අතර, ඒ හේතුවෙන් පිටාර මට්ටම ඉක්මවා ගිය ඉරණමඩු ඇතුළු ජලාශ කිහිපයක වාන්දොරටු විවෘත කිරීමට ද කටයුතු කර තිබේ.
ගංවතුර තර්ජනය හේතුවෙන් කිලිනොච්චි, මුලතිව් සහ මන්නාරම් දිස්ත‍්‍රික්ක වල වැසියන් විපතට පත්ව පීඩා විදින අතර එම දිස්ත‍්‍රික්ක වල ක‍්‍රියාත්මක ආරක්ෂිත කඳවුරු 40ක් තුළ එම වැසියන්ට සහන සැලසීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු යොදා ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාලය කියයි.
2025 දෙසැම්බර් මස 04
297
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
415
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
393
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වැස්සෙන් අවතැන්වූන්ට කඩිනමින් සහන සලසන්න ජනපති උපදෙස්
sirimal Sunday, 23 December 2018 03:54 PM
ඒ සමඟම ආණ්ඩු මාරුවෙන් අවතැන්වී සිටින අයටත් කිසියම් සහනයක් ලබාදුන්නොත් නේද හොඳ?
Bamunuarachchi Sunday, 23 December 2018 04:04 PM
TNA එකෙන් අවසර ගත්තාද?