විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ විශේෂ පෙත්සම් 39 හි වැඩිදුර විභාගය හෙට( 30) දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද ( 29) තීරණය කළේය.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 20 වැනි සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව නීතීඥ ඉන්දික ගාල්ලගේ, සමගි ජන බලවේගය පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂක ආචාර්ය පාක්යසෝති සරවනමුත්තු, පුරවැසියකු වන අනිල් කාරියවසම්, ශ්‍රී ලංකා විනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු, ඌව හා මධ්‍යම පළාත් වල හිටපු ආණ්ඩුකාරවරයකු හා කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රජිත් කීර්ති තෙන්නකෝන්, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානය, මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන ශ්‍රීම් අබ්දුල් සනුන්, යාපනයේ පදිංචි පුරවැසියෙකු වන එස්.සී.සී.ඉලංගෝවන්, සමගි තරුණ බලවේගයේ සාමාජිකයින් වන ලිහිණි ප්‍රනාන්දු සහ රසික ලක්මාල් ජයකොඩි, මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල්, සමගි තරුණ බලගවේගයේ සභාපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක, එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, සිරිලක ජනතා පෙරමුණ වෙනුවනේ නීතීඥ පී.ලියනාරච්චි, නීතීඥවරුන් වන නාමල් රාජපක්ෂ, අචලා සෙනවිරත්න ඇතුළු නීතීඥවරුන් 20 ක් , ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය, එරික් සේනාධිරත්න බාලසූරිය, ආරිෆ් ෂම්සුදීන් ඉබ්‍රාහිම් ලෙබ්බේ හාජ්ජියාර් යන අය ගොනු කළ පෙත්සම් මෙම පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලිණි.
මෙම සියලු පෙත්සම් වල වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර ඇත.
2025 දෙසැම්බර් මස 18
210
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
169
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
968
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විස්සට එරෙහි පෙත්සම්වල වැඩිදුර විභාගය හෙට