IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


විස්සට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 12 ක්

 

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  20 වන සංශෝධන පනත් කෙටුම්පත් අභියෝගයට ලක්කරමින් අද (24) අවසන් වන විට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සම් 12 ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇත.

එම පෙත්සම්වල වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර ඇත.

ඒ අනුව අද (24) දිනයේ හිටපු ආණ්ඩුකාරවරයකු මෙන්ම කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන්, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානය,මානව හිමිකම් ක්‍රියාකාරිකයකු වන ශ්‍රීම් අබ්දුල් සනුන්, යාපනයේ පදිංචි පුරවැසියකු වන එස්.සී.සී.ඉලංගෝවන්, තවත් පුරවැසියන් දෙදෙනකු වන මරීන් ලෝහිනී  ප්‍රනාන්දු  සහ ලක්මාල් ජයකොඩි අය විසින් තවත් පෙත්සම් 6 ක් ගොනු කර තිබේ.

නීතිඥ ඉන්දික ගාල්ලගේ, සමගිජන බලවේගය පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි  විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, පුරවැසියකු වන  අනිල් කාරියවසම්, ශ්‍රී ලංකා විනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු  යන පාර්ශව හයක් විසින් ඊයේ (23)  දිනය වන විට  ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබිණි.

ඒ අනුව විසිවන සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව මේ වන විට ගොනු කර ඇති සමස්ත පෙත්සම් සංඛ්‍යාව 12 කි.

එම පෙත්සම් වලින් සඳහන් කර තිබෙන්නේ රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පතේ අඩංගු ඇතැම් වගන්ති තුළින් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික අයිතිවාසිකම් මෙන්ම වෙනත් ප්‍රතිපාදන ද බරපතල ලෙස උල්ලංඝනය කරන බවයි. 

එබැවින් යෝජිත පනත් කෙටුම්පතේ ප්‍රශ්නගත අදාළ වගන්තිය සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් පමණක් සම්මත වීම ප්‍රමාණවත් නොවන බවත් ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වා එයින් ද සම්මත විය යුතු බවට තීන්දුවක් ප්‍රකාශ කරන ලෙස ද එම පෙත්සම් වලින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති. 



අදහස් (4)

විස්සට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 12 ක්

Demuni Uduwara Thursday, 24 September 2020 02:42 PM

20ඒ නිර්මාණය කරන්නේ ගොදුරකි..

:       0       4

සේන Friday, 25 September 2020 05:17 AM

කොටි ඩයස්පෝරාව සහ රටට විනය කටින්නට බලා සිටින N.G.O. නඩය නිවටයින් හරහා දැනුත් ඩොලර් විසි කරනවා. ජනතාවයි ගරු ජනාධිපතිතුමන්ව පත්කළේ... ඔහුගේ දෑත් ශක්තිමත් විය යුතුයි.

:       3       1

ranaFriday, 25 September 2020 08:25 AM

ඔවුනේ., ඔය කියපු අයට පාර්ලිමේන්තුවට එන්න පාර 20 කපා දෙමුනේ...

:       0       0

chandana Friday, 25 September 2020 06:14 PM

රටේම ජනතාවගේ කැමැත්තෙන් පත්කරන ජනාධිපතිවරයෙකුට රටේම ජනතාවතේ කැමැත්තෙන් ලබාදී ඇති බලතල 19න් කප්පාදු කරනකොට ජනමත විචාරණයක් ඉල්ලුවේ නැති අය රටේම බහුතර ඡන්දයකින් පත්වෙච්ච ජනාධිපතිවරයෙකුයි ආණ්ඩුවකුයි පත්වෙච්ච වෙලාවේ හරි හරියට කලබල වෙලා වගේ. වලිගෙට ඕනෑ විදිහට බල්ලා නටවන්න බැරි විදිහට, බෙදුම්වාදය ත්‍රස්තවාදය ලත්තැනම ලොප් කරන්න පුළුවන් වෙන්න. ඊනියා යහපාලන සහජීවන බොරුවලින් ජනතාව රවට්ටලා රට වලපල්ලට යවන්න බැරි වෙන්න සියළු ආකාරයෙන් ශක්තිමත් ව්‍යවස්ථා සංශෝධනයක් තිබිය යුතුයි. වැරැද්දක් කළොත් ගෙදර යවන්න පුළුවන් ක්‍රම දේශපාලනයේදී තියෙනවා. ඒත් කොමිෂන්වල අය, ඇතැම් ආයතන ප්‍රධානීන් පිස්සු නටලා රට ආගාධයට දානකොට ඒ අයව ගෙදර යවන්න පරමාධිපත්‍ය බලය තිබෙන මහජනතාවටවත් බැහැ. ඒක මාර ප්‍රජාතන්ත්‍රවාදයක් තමයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 854 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 968 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 391 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site