IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


විස්සට එරෙහිව පෙත්සමක්

 

( තිළිණි ද සිල්වා )

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පත නීතියට පටහැනි බවත්, එය විශේෂ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකින්  හා ජනමත විචාරණයකින් සම්මත කරන්නැයි ඉල්ලා සමගි ජන බලවේගය අද (23) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විශේෂ පෙත්සම්ක් ගොනු කළේය.

එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ගොනු මෙම පෙත්සමේ වගඋත්තරකරු ලෙස නීතිපති නම් කර ඇත.

නීතිඥ නිලන්ති ද සිල්වා මහත්මිය  මාර්ගයෙන් ඉදිරිපත් කර තිබෙන මෙම පෙත්සම තුළින් පෙත්සම්කරු සඳහන් කර සිටින්නේ යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 20 සංශෝධන පනත් කෙටුම්පත තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික තිබෙන මූලික අයිතිවාසිකම් හා වෙනත් ප්‍රතිපාදන ගණනාවක් කප්පාදුවීමක් සිදු වන බවයි.


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය මාර්ගයෙන් හඳුන්වා දුන් ජනාධිපතිවරයාට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කිරීමට තිබෙන අවස්ථාව අහිමි කිරීම, මැතිවරණ කොමිසම මගින් නිකුත් කරන නියෝගයක් උල්ලංඝනය කළ අවස්ථාවක අපරාධ නඩු පැවරීම සඳහා එම කොමිසමට ලබාදී තිබූ බලය කප්පාදු කිරීම සහ ජනාධිපති සහ අග්‍රාමාත්‍ය කාර්යාල මෙන්ම රාජ්‍ය සමාගම් විගණනයන් ඉවත් කිරීම ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයින්ට පාර්ලිමේන්තුව සහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තිබූ බාධාව ඉවත් කිරීම යනාදී මහජනතාවට දැඩි ලෙස අගතිගාමි වන ප්‍රතිපාදන යෝජිත විසිවන සංශෝධන පනත් කෙටුම්පතෙහි අන්තර්ගතව තිබෙන බව පෙත්සම්කරු චෝදනා කරයි.

එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය මගින් අහෝසි කෙරුණු හදිසි පනත් කෙටුම්පත් ගෙන ඒමට තිබූ අවස්ථාව යෝජිත විසිවන සංශෝධනය තුළින් යළි හඳුන්වා දී ඇතැයි ද පෙත්සම්කරු සඳහන් කර තිබේ.


එමෙන්ම අල්ලස් කොමිසමට පැමිණිල්ලකින් තොරව අල්ලස් සිද්ධියක් විමර්ශන කිරීමටත් තිබෙන අවස්ථාව ද යෝජිත විසි වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත තුළින් අහෝසි කර ඇති බවත් විගණකාධිපති තනතුර සඳහා තේරීපත්වීමට තිබිය යුතු සුදුසුකම් ද ඒ තුළින් ඉවත්කර ඇති බව ද පෙත්සම්කරු සිය පෙත්සමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටී.


යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික අයිතිවාසිකම් මෙන්ම වෙනත් වගන්ති ද උල්ලංඝනය වීමක් සිදුවන හෙයින් එම පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ පසුව එය ජනමත විචාරණයකින් ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ද පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.



අදහස් (0)

විස්සට එරෙහිව පෙත්සමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 292 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 415 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 392 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site