(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ)
නීති විරෝධි මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ පුද්ගලයින් දෙලක්ෂ දෙදහස් හත්සිය හැත්තෑ හතක් 202777 දෙනෙකු පසුගිය වසර 8 තුළදී (2010-2018) අත් අඩංගුවට ගන ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අද (11) පැවැසීය.
එම කාලය තුළදී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 4399ක්ද , හෙරොයින් කිලෝ ග්‍රෑම් 1631ක්ද , කොකේන් කිලෝ ග්‍රෑම් 1913 ක්ද අත්අඩංගුවට ගෙන ඇති බවද ඇමැතිවරයා කීය.
මේ සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස විදේශිකයින් 230 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව පැවැසූ ඇමැතිවරයා අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොග රජයේ රස පරීක්ෂක වෙත යොමු කර අධිකරණයට ඉදිරිපත් කිරීමේන් පසු විනාශ කර දමා ඇතැයි කීය.
කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මොන අපරාධයක්ද? අවුරුදු 8 ට 202777 නම් අවුරුද්දකට 25000 ක් විතර දවසකට 70 ක් විතර අත්අඩංගුවට ගන්නවා. මේක නම් ඉක්මනින්ම නැතිකරලා දමන්න ඕන.