IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


වසර 600 ක් පැරණි චීන මැටි බඳුනක් යාපනයෙන් හමුවෙයි

(රොමේෂ් මධුෂංඛ)

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා චීන නිලධාරීන් පිරිසක් යාපනයේ අලෙයිපිඩ්ඩි ප්‍රදේශයේ කළ කැණීම්වලදී සොයා ගත් මැටි බඳුන වසර 600-400 ත් අතර ඉපැරණි කාලයකට අයත් චීන මැටි බදුනක් බව යාපනය විශ්ව විද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා අංශයේ මහාචාර්ය පී.පුෂ්පරත්නම් මහතා පැවසීය.

මේ මැටි බඳුන චීනයත් ශ්‍රී ලංකාවත් අතර අතීතයේ සිට ඉතා සෘජු සබඳකම් ඇති බවට ඉතාම හොඳ සාධකයක් බව කී පුෂ්පරත්නම් මහතා පසුගිය වසරේ දී මේ ස්ථානයට නුදුරින් හමු වූ චීන කාසිය ද ඊට හොඳම නිදසුනක් බව කියා සිටියේය.

අලුතින් හමු වූ මැටි බඳුන මීට දින කීපයකට පෙර හමු වූ අතර එම මැටි බඳුන පරීක්ෂා කිරීමෙන් පසුව යාපනය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයා ඒ බව කියා සිටියේය.

චීන විශ්වවිද්‍යලයක මහාචාර්යවරයකු, ආචාර්යවරු දෙදෙනකු හා පුරාවිද්‍යාඥයින් පිරිසක් චීන රජයේ වියදමින් යාපනය  ප්‍රදේශයේ කැණීම් කටයුතු කරගෙන යනු ලබන්නේ ශ්‍රී ලංකාවත් චීනයත් අතර අතීතයේ පැවති සබදකම්  පිළිබදව තොරතුරු ගවේෂණය කිරීමේ අරමුණිනි.



අදහස් (0)

වසර 600 ක් පැරණි චීන මැටි බඳුනක් යාපනයෙන් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 152 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 772 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 376 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site