IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


‘‘වසර 10 ක සේවා කාලය අවසන් පොලිස් නිලධාරීන්ට උසස්වීම් දෙනවා‘‘

(සනත් ගමගේ)
 
වසර දහයක සේවා කාලය අවසන් කර ඇති පොලිස් නිලධාරීන්ට හිමි උසස් වීම් ලබා දීමට අදාල කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බව ආරක්ෂක රාජ්‍ය ඇමැති චමල් රාජපක්ෂ මහතා අද (23) අම්බලන්තොට දී පැවසීය.

 
සිය රාජකාරී කටයුතු කිරීමේදී ගෞරවනීය ලෙස පොලිස් නිලධාරීන් හොඳ මානසිකත්වයකින් රාජකාරී කිරීම සිදුකළ යුතු වන බවත් රාජකාරී ජීවිතයේ ඇති උසස්වීම් ආදිය නියමිත කාලයට ලබා දීම සිදුකළ යුතු බවත් චමල් රාජපක්ෂ මහතා එහිදී  සඳහන් කළේය.
 
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අම්බලන්තොට ථෙරපුත්ත රාජමහා විහාරස්ථානයේ පැවැති උත්සවයකදීය.
 
2015 පසු  පළිගැනීමට පොලිසියේ වෙනම ඒකකයක් පිහිටුවා දේශපාලනඥයින්ට විවිධ චෝදනා නගමින් අත්අඩංගුවට ගැනීම සිදුකළා.
 
විශේෂයෙන්ම රාජපක්ෂවරුන්ට චෝදනා එල්ලකරමින් අත් අඩංගුවට ගැනීම එම ඒකකයයෙන් සිදුකළා. එම ඒකකයට නඩු ගොතන්න  පුළුවන් නිලධාරීන්ද යොමු කර තිබුණා.
 
එම ඒකකයෙන් අත්අඩංගුවට ගැනීමට  උපදෙස් ලබා දීමට  එකල රජය ජාතික සභාවක් පවා ආරම්භ කර තිබුණා. ජාතික සභාවට අගමැතිවරයා, චම්පික රණවක, රාජිත , අනුරකුමාර දිසානායක , ෆොන්සේකා සම්පන්දන් වැනි මහත්වරු  ඒ සඳහා පත් කර තිබුණා. මේ අය තමයි පැමිණිලි ගොනු කරන්නේ නඩු දාන්නේ සියල්ල සිදුකරන්නේ.
 
අපි පොලිසියට නිදහසේ රාජකාරී කිරීමට ඉඩ ලබා දී තිබෙනවා. පොලිසියට කිසිම බලපෑම් කරන්නේ නැහැ. පොලිසියට උපදෙස් දෙන සභා පිහිටුවලා නැහැ. මමත් පොලිස් නිලධාරියෙක් ලෙස සේවය කරනිසා මමත් දන්වා පොලිසියේ වැඩ කොහොමද කියල.  
 
නඩු  ගැටගහන්නේත් ලිහන්නේත් කොහොමද කියා මමත් දන්වා.අනවශ්‍ය විදියට කිසිම දෙයක් කරන්න මම ඉඩ දෙන්නේ නැහ. පාඨලි චම්පික අත්අඩංගුවට ගත්තේ රිය අනතුරක්  සිදුකර පලායෑමක් සම්බන්ධයෙන්  ඇති සිද්ධියකට.   
 
සමාන්‍යයෙන් අනතුරක් සිදුවුණාම පුද්ගලයෙක් හැප්පුනාම පලා යන්න බැහැ. ලඟම ඇති පොලිසියට යන්න ඕන. ලෙඩාව රෝහලට රැගෙන යන්න ඕන.
 
මෙය කිසිවිටක දේශපාලන පළිගැනීම් නොවෙයි. දේශපාලන පළිගැනිම් දිගින් දිගටම සිදු වුණේ පසුගිය රජයෙන් බව රටේ ඕනම කෙනෙකු දන්නවා‘‘ යැයි ඇමැතිවරයා එහිදී ප්‍රකාශ කළේය.



අදහස් (4)

‘‘වසර 10 ක සේවා කාලය අවසන් පොලිස් නිලධාරීන්ට උසස්වීම් දෙනවා‘‘

Chalana Monday, 23 December 2019 02:48 PM

මෙම ක්‍රමවේදය රාජ්‍ය මණ්ඩල වැනි ආයතනවලත් ක්‍රියාත්මක කර වසර විසි, තිස් ගණන් උසස්වීම් නැතිව ඒ නිසාම වැඩ නොකර මන්දෝත්සාහීව ඉන්න දක්ෂ විධායක නිලධාරීන්ටද සහනයක් වේ.

:       17       28

දිමුත්Tuesday, 24 December 2019 05:31 AM

විධායක විතරක් නොවේ සියලු නිලධාරීන් සදහා ඔය ක්‍රමය ක්‍රියාත්මක කරන්න

:       0       3

Chathuri Monday, 23 December 2019 03:08 PM

පක්ෂ භේද වලින් තොර, යාලු මිත්‍රාදීන් තොර සැමට එකසේ සලකන්න. වංචාවකින් තොරව වැඩකළ පිරිසට පමණක් දෙන්න. අවුරුදු දහයක් වැඩ කළ කෙනෙක් හොයාගන්න පුළුවන්ද? අවංකව, රට කරන එක නායකයෙක් ඉන්නවද හොරකම්, දුෂිතකම් නොකරපු... සේවාකාලය. අවුරුදු හතළිහ, පනහ නම අහන කොට පටි රෝල්, මේවා බොරුවැඩ... හොරුන්ට උසස් වීම්... අවංකව වැඩකළ කට්ටිය ගෙදර ...

:       142       236

sameer Wednesday, 25 December 2019 03:01 AM

සියලුම පොලිස් නිලධාරීන් සදහා මෙවැනි ක්‍රමවේදයක් යටතේ උසස්වීම් ලබා දීමෙන් නිලධාරීන් උද්යෝගයෙන් යුතුව රාජකාරී කිරීම මෙන්ම නිලධාරීන්ගේ මනා විනය පාලනයක් ඇතිවනු ඇතැයි විස්වාස කරමි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 11 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 132 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site