IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


වසර 10කට පෙර පාවි ආ බටෙන් එළියට අපු දේවල්

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

සින්නපාඩුව වෙරළට වසර 10 කට පෙර ගොඩ ගසා තිබු දැවැන්ත යකඩ බටයක් තුළ වායුසමිකරණ යන්ත්‍ර හා ආහාර ද්‍රව්‍ය රැසක් තිබි සොයාගත් බව  උඩප්පුව පොලිසිය කියයි.

අඩි 30ක් පමණ දිගකින් හා අඩි දෙකක විශ්කම්භයෙන් යුත් මෙම බටය වසර 10 කට ආසන්න කාලයක් සින්නපුඩව වෙරළේ තිබී ඇත. ඒ සම්බන්ධයෙක්  කිසිවකු  සොයා බැලිමක් කර නොතිබු බව කියයි.

දිරගොස් තිබූ එම යකඩ බටයට කිසියම් පිරිසක් 21 දින හානි කර ඇති බවත්  පුපුරා ගිය ස්ථානයකින්  එහි බිස්කට්,  පැකට් කළ ආහාර හා සිගරට් තොගයක් තිබී ඇත. ඒ සම්බන්ධයෙන්ස  සින්නපාඩුව රේගු කාර්යාලයට දන්වා ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා රේගුවේ විශේෂ කන්ඩායමක් අද එම ස්ථානයට පැමිණ අදාල යකඩ බටය පරික්ෂාවකට ලක්කිරීමේදි ඒ තුළ වායු සමිකරණ හා තවත් දෑ තොගයක් තිබියදි සොයා ගැනුනද එය පාරික්ෂාව‍ට ලක්කල නිළධාරින් පවසා සිටියේ මෙම යකඩ බටය තුළ ඇති අනිකුත් දෑ සොයා ගැනිම සදහා ශ්‍රී ලංකා රේගුවට රැගෙන යාමට කටයුතු කරන බවයි.

ඒසේම එම ස්ථානයට පැමිනි රේගු නිළධාරින් පවසා සිටියේ මෙම වෙරළ තිරයේ ඇති යකඩ බටයට සමාන  එකක් මේ වන විට සින්නපාඩුව රේගු කාර්යාලය අසල ඇති බවත් එයද පිරික්ෂා කිරි‍මට ඉදිරි දිනකදි කටයුතු කරන බවත් ඉන් පසුව‍ මේ පිළිබදව වැඩිදුර තොරතුරු රේගුවෙන් නිකුත් කරනු ඇති බවයි.

මෙම යකඩ බටය තුළ තිබු මේ වන විට කිසිදු භාවිතයකට ගැනිමකට නොහැකි තත්වයේ තිබු විදේශ රටක නිශ්පාදිත වායු සමීකරණ කට්ටල 10 කට ආසන්න ‍තොගයක් තිබු බව කියයි.

 



අදහස් (2)

වසර 10කට පෙර පාවි ආ බටෙන් එළියට අපු දේවල්

janahitha Friday, 23 July 2021 02:49 AM

ළඟටම ගෙනැල්ලා දුන්න දෙයින් ප්‍රයෝජන ගන්න බැරිවුණු හැටි... බෝම්බයක් ආවත් ඔහොම තමයි.

:       0       20

දිමුතු Friday, 23 July 2021 07:10 AM

බටයෙන් හරි කමක්නෑ මිනිස්සුන්ට කන්න ලැබුනෝතින්... සර්ගේ උද්දමනය නිසා අපි ඉන්නේ වැලේ වැල් නැතුව...

:       63       29

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 482 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site