(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
පාසැල් සිසුවියකව වසර දෙකක කාලයක පටන් අපයෝජනය කළ පුද්ගලයකු අද(01) අත්අඩංගුවට ගත් බව කිරුළපන පොලිසිය කියයි.
ශිෂ්‍යත්ව විභාගය සමත් වී කොළඹ උසස් පාසලකට ඇතුළත්වීම සඳහා මාතරින් කොළඹට පැමිණ නැන්දණියගේ නිවසේ නැවතී සිටි 16 හැවිරිදි පාසැල් සිසුවියකව අපයෝජනය කර ඇත්තේ නිවසේ වැඩිමල් සොයුරියගේ සැමියාය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කිරුළපන ගජබා මාවතේ පදිංචි 35 හැවිරිදි දෙදරු පියකු වන ත්‍රිරෝද රථ රියදුරකි.
දූෂණයට ලක් වූ දැරියගේ මව සහ පියා දික්කසාද වීම හේතුවෙන් ඇයගේ භාරකාරත්වය භාරකාරත්වය අධිකරණයෙන් නියම කළේ සිද්ධිය වූ නිවසේ පදිංචි දැරියගේ නැන්දණියට බව පොලිසිය කියයි.
ඒ අනුව දැරිය මාතර සිට කොළඹට රැගෙනවිත් කොළඹ ප්‍රදේශයේ උසස් බාලිකා පාසැලකට යමින් වසර 6ක් තිස්සේ මෙම නිවසේ රැඳී සිට ඇත.
මේ අතර දැරියගේ නැන්දණියද මීට වසර හතරකට පෙර විදේශගතවී ඇතැයිද, දැරියගේ මාමා, ඔහුගේ දියණිය සහ ඇගේ සැමියා ද සමග ඇය නිවසේ ජීවත්ව සිට ඇතැයිද පොලිසිය පවසයි. සැකකරු විසින් දැරියව පාසැලට රැගෙන යාම සිදුකර ඇති අතර, අවස්ථා කිහිපයකදී අසැබි වීඩියෝ දර්ශන පෙන්වමින් රවටා අපයෝජනය කර ඇතැයි ද පොලිසිය කියයි.
දැරියගේ මව පොලිසියට කළ පැමිණිල්ලකට අනුව සැකකාර රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සහ පාසැල් දැරිය අලුත්කඩේ අංක 3 අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
කාටවත් දොස් කියන්න බැහැ.. අම්මා, තාත්තා අසමගි වුණු ගමන් දරුවන්ගේ ජීවිත අනතුරේ. කුටුම්බයක යම් සිදුරක් ඇති වුනොත් දරුවන්ට බලපානවා. කාන්තාවන් විදේශගත වෙනකොට අනිවාර්යයෙන් හිතන්න ඕනෑ තමන්ගේ ගැහැණු දරුවන් ගැන. දරුවන් තාත්තාට බාර දීලා යනවා. ඇත්තටම මම දන්නා මිනිස්සු ඉන්නවා තමන්ගේ දරුවන් ඇස්දෙක වගේ බලාගෙන, තමන්ගේ බිරිඳ රට ඉඳන් එනකන් ඉන්න හොඳ තාත්තලා ඉන්නවා. ඒ වගේම තමන්ගේ ආශාව සපුරා ගන්න නරුමයොත් අපි අතර ඉන්නවා.. දැන් බලන්න අර දරුවාගේ ජීවිතයට මොකද වෙන්නේ..? ගැහැණු දරුවෙක් ඊටත්... කරුණාකරලා දරුවාගේ විස්තර මාධ්‍ය තුළින් හෙළි කරන්න එපා.
බාල වයස් කරුවන්ගේ දෙමාපියන් දික්කසාද වෙනවා නම් අත හැර ගොස් හෝ මිය ගිහින්නම් එවැනි ළමයින් අනිවාර්යයෙන් පරිවාස නිලධාරීන්ගේ අධීක්ෂණයට යටත් කළයුතුයි. එවැනි අවස්ථාව කඩේ මේ වගේ දේවල් සම්බන්ධව කියන්න කෙනෙක් ඉන්නවා.. මේක නීතියක් ලෙස සම්මත කළ යුතුයි. නෑදෑයින්ට බර දුන්නම එක්කෝ දේපළ ලියාගන්නවා. නැත්නම් අපයෝජනය කරනවා මේ අයට මේවා කියන්න කෙනෙක් නෑ, කිව්වත් අහන්න කෙනෙකුත් නෑ, අනෙක් පැත්තෙන් ගුරුවරුන්ටත් විශාල වගකීමක් තියෙනවා. මෙවැනි දරුවන් ගැන හොයලා බලන්න... මේවා නීතියෙන් පමණක් විසඳන්න බැහැ.
ගින්දර පුළුන් එක ළඟ තියන්න එපා කියල අපේ දෙමව්පියන් කියපු දේවල් දැන් ඉන්න අම්මලට තාත්තලට අමතක වෙලා. එයාලත් ලැජ්ජාවක් බයක් දරුවන්ට තේරුම් කරලා දෙන්න වෙලාවක් දාගෙන නැහැ. දරුවා ත්‍රිවිල් එකේ අයියත් එක්ක කතා කරනවා. අධම ත්‍රීවිල් අයියා දරුවා විනාශ කරනවා. දුවේ පුතේ පරිස්සම් වෙන්න. අපිට සමාවෙන්න.