IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


වසාදැමුණු පස්සර-බිබිල මාර්ගය වෙනුවට විකල්ප මාර්ගයක්

(නිශාන්ත කුමාර සහ ප්‍රසන්න පද්මසිරි)
 
මාර්ගය ගිලාබැසීම හේතුවෙන් වසා දැමූ බදුල්ල පස්සර බිබිල මාර්ගය වෙනුවට, අම්බලම හන්දියෙන් ලුණුගල දෙසට පිවිසිය හැකි විකල්ප මාර්ගයක් හඳුන්වා දී ඇතැයි ලුණුගල ප්‍රාදේශීය ලේකම් නිමල්   දිසානායක මහතා අද(23) පැවසීය.
 
බදුල්ල පස්සර හරහා බිබිල ප්‍රධාන මාර්ගයේ 19වන  සැතපුම් කණුව අසළ මිල්ලබැද්ද ප්‍රදේශයේ  මාර්ගයේ වාහන ගමනාගමන කටයුතු ඊයේ (22) සිට මුළුමනින්ම නවතා  දැමිණි. අද දිනයේදීත් එය වසා දමා ඇති අතර ජනතාවට විකල්ප ප්‍රවාහන ක්‍රම අනුගමනය කිරීමට උපදෙස් ලබාදී ඇතැයි ද ඒ මහතා කීය.
 
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රාදේශීය ලේකම් නිමල් දිසානායක මහතා මෙසේ කීය.
 
“බදුල්ල  පස්සර හරහා බිබිල ප්‍රධාන මාර්ගයේ 19වන සැතපුම් කණුව අසල මිල්ලබැද්ද ප්‍රදේශයේ මාර්ගය ගිලා බැසීමක් දක්නට ලැබෙනවා. එය වර්ෂාව සමග වර්ධනය විය හැකි බැවින් වාහන ගමනාගමනය නවතා දමා තිබෙනවා.
 
මේ වන විට   බදුල්ල දෙසින් පැමිණෙන වාහන මෙන්ම බිබිල දෙසින් පැමිණෙන වාහන ගමන් කරන්නේ මිල්ලබැද්දය දක්වා පමණයි. එම මාර්ගවල පැමිනෙන ජනතාවට  ජනතාවට බස්රථවලින් මාරුවී මීටර් 300 ක පමණ දුරක් පා ගමනින් ගොස් අනෙක් පස පිහිටි බස් රථ වලට ගොඩ වී තම ගමන් බිමන් යාමට අවශ්‍ය පහසුකම් සලසා තිබෙනවා.
 
මීට අමතරව වාහන ගමනා ගමනාගමනය සඳහා පස්සර මඩොල්සිම මාර්ගය ඔස්සේ ගොස් අම්බලම හන්දියෙන් ලුණුගල   දෙසට ගමන් කිරීමට විකල්ප මාර්ගයක් හඳුන්වා දී තිබෙනවා.එම මාර්ගයේ වාහන ගමනාගමන තත්වයට සුදුසු තත්වයක පවතිණ බැවින් බදුල්ල දෙස සිට පැමිණෙන වාහනවලට පස්සර නගරයෙන් හැරී මඩොල්සිම පිටමාරුව මාර්ගයේ ඔස්සේ අම්බලම හන්දිය තෙක් ගොස් ලුණුගල හා බිබිලට ගමන් කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දී තිබෙනවා.
 
එසේම අවහිර වී ඇති පස්සර පීස්ස මාර්ගයත් අද යථා තත්වයට පත් කිරීමට කටයුතු කරනවා” යැයිද කීය.



අදහස් (0)

වසාදැමුණු පස්සර-බිබිල මාර්ගය වෙනුවට විකල්ප මාර්ගයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 516 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1063 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site