
(ටෝනි කරුණානායක)
අධිකරණයට අසත්‍ය සාක්ෂි ඉදිරිපත් කිරිම සම්බන්ධයෙන් ශානි අබේසේකර නඩුවට අදාළව මරණ දඩුවම් නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන නැමැති සැකකරුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින්ට අවසර ලබා දෙන ලෙස වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාට ගම්පහ මහෙස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද (17) නියම කළේය.
රක්ෂිත බන්ධනාගාරයේ පසුවන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර ,ඇඹිලිපිටිය පොලිසියට අනුයුක්තව සේවය කරන ලද උප පොලිස් පරික්ෂක මෝහන මෙන්ඩිස් සහ විශ්‍රාමික උප පොලිස් පරික්ෂක නවරත්න ප්‍රේමතිලක යන සැකකරුවන් තිදෙනා ලබන ඔක්තෝබර් 2 වෙනිදා දක්වා තවදුරත් රිමාන්ඩ් බාරයේ තබන ලෙස මහේස්ත්‍රාත්වරයා නියම කළේය.
අධිකරණයට බාර වීමෙන් පසු රිමාන්ඩ් බාරයට පත් මෙම නඩුවේ සිව් වැනි සැකකරු වන එච්.ඩී.නවරත්න ප්‍රේමතිලක යන සැකකරුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් වන පොලිස් පරික්ෂක ඩී.ජේ.නිශාන්ත සහ පොලිස්
කොස්තාපල් අතපත්තු යන නිලධාරීන් ට අවසර ලබා දෙන ලෙස මහර බන්ධනාගාර අධිකාරිවරයාට ද අධිකරණයෙන් නියම කලේය .
කොළඹ අපරාධ කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරි නෙවිල් ද සිල්වා මහතා අධිකරණයෙන් කළ ඉල්ලීම මත අධිකරණයෙන් එම නියෝග ලබා දුන්නේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.