IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


වාස්ගෙන් ප්‍රකාශයක් ගන්න බන්ධනාගාර අධිකාරිට නියෝග

(ටෝනි කරුණානායක) 

අධිකරණයට අසත්‍ය සාක්ෂි ඉදිරිපත් කිරිම සම්බන්ධයෙන් ශානි අබේසේකර නඩුවට අදාළව මරණ දඩුවම් නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන නැමැති සැකකරුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින්ට අවසර ලබා දෙන ලෙස වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාට  ගම්පහ මහෙස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද (17) නියම කළේය.

රක්ෂිත බන්ධනාගාරයේ පසුවන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර ,ඇඹිලිපිටිය පොලිසියට අනුයුක්තව සේවය කරන ලද උප පොලිස් පරික්ෂක මෝහන මෙන්ඩිස් සහ විශ්‍රාමික උප පොලිස් පරික්ෂක නවරත්න ප්‍රේමතිලක යන සැකකරුවන් තිදෙනා ලබන ඔක්තෝබර් 2 වෙනිදා දක්වා තවදුරත් රිමාන්ඩ් බාරයේ තබන ලෙස මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

අධිකරණයට බාර වීමෙන් පසු රිමාන්ඩ් බාරයට පත් මෙම නඩුවේ සිව් වැනි සැකකරු වන එච්.ඩී.නවරත්න ප්‍රේමතිලක යන සැකකරුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් වන පොලිස් පරික්ෂක ඩී.ජේ.නිශාන්ත සහ පොලිස් 

කොස්තාපල් අතපත්තු යන නිලධාරීන් ට අවසර ලබා දෙන ලෙස මහර බන්ධනාගාර අධිකාරිවරයාට ද අධිකරණයෙන් නියම කලේය .

කොළඹ අපරාධ කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරි නෙවිල් ද සිල්වා මහතා අධිකරණයෙන් කළ ඉල්ලීම මත අධිකරණයෙන් එම නියෝග ලබා දුන්නේය.



අදහස් (0)

වාස්ගෙන් ප්‍රකාශයක් ගන්න බන්ධනාගාර අධිකාරිට නියෝග

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 170 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 369 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 378 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site