(අංජුල මහික වීරරත්න)
කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වෙමින් රටට ගෞරවයක් ලබා දීමට ක්‍රියා කරන්නැයි හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ ටෝකියෝ නුවර ඔලිම්පික් උළෙලට සහභාගී වන ශ්‍රී ලාංකික කණ්ඩායමට සුබ පතමින් සඳහන් කරයි.
දිනන්නට හැකි ඉසව් දිනන අතර ගෞරවනීය සහභාගීත්වය ද රටට ආඩම්බරයක් බව රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
"මීට පෙර ටෝකියෝ නුවර ඔලිම්පික් උළෙල පැවැත්වුණු අවස්ථාවේ ලංකාව ගෞරවයක් ලබා ගත්තා. ඒ කතාව නැවත අලුතින් සිහිපත් කළ යුතුව ඇතැයි මා සිතන්නේ නැහැ.මෙවරත් රටට ගෞරවයක් ලබා ගන්නට ක්‍රියා කරන්න" යනුවෙන් ද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
COMMENTS
ගෞරවයක් ගෙනෙන්න නම් ඔබ දේශපාලනය ඉවත්විය යුතුයි..
දැන්නම් මිනිස්සු කියන්නේ රනිල් පින් බොනස් ආසනයෙන් පාර්ලිමේන්තු ආවේ ආණ්ඩුවට මුක්කු ගහන්න කියලා. මේ කරන දේවල් රනිල්ගේ පෙලපතටත් ලැජ්ජාවක්... අද රනිල් නිසා එජාපය මලගම ගිහින් ඉවරයි. මොකද එජාපය අයිති රනිල්ට නෙමෙයි.... එජාපය අයිති මහජනතාවට... තවත් ලජ්ජා වෙන්නේ නැතුව සජිත්ට එජාපය බාරදීලා නම්බු පිටින් ගෙදර යන්න කියන්න...
ළමයිනේ, දෙහි කෑල්ලක් වත් අතුල්ලගෙන යන්න.
කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වෙමින් රටට ගෞරවයක් ලබාදීමට ක්‍රියා කරන්න ඕනේ ඔලිම්පික් යන අය විතරද? මෙහෙ ඉන්න අය කොරෝනා වසංගතයෙන් ආරක්ෂා නොවුණොත් ඒවා රජයේ එකවුන්ට් එකට. කිව්වොත් ඔයවගේ අපබ්‍රංශයක් තමයි.