(නිමන්ති රණසිංහ)
කොළඹ කුරුදුවත්තේ පිහිනුම් තටාකයක් ඉදිකිරීමේ දී රසායනික ද්‍රව්‍ය මිශ්‍ර වීමෙන් විෂ ආඝ්‍රහණය වී දරුවන් පස්දෙනෙකු ආසාත්මිකතාවයකට පත්වූ බව කියන සිද්ධියකට අදාළව එහි කම්කරුවකු මැයි 27 තෙක් රක්ෂිත බන්ධානාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද(15) නියෝග කළාය.
එම පිහිනුම් තටාකයේ කළමනාකාර අධ්‍යක්ෂකවරයා රුපියල් ලක්ෂ 3 බැගින් වූ ශරීර ඇප මත මුදාහරින ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
පෝද්දල පදිංචි වීරහම්බි ගුණදාස නමැත්තා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
එහි කළමනාකාර අධ්‍යක්ෂකවරයා වූ බුද්ධි මනෝජ් චමින්ද අබේසිංහ නමැත්තා ඇප මත මුදා හැරිණි.
මෙම සිද්ධියට අදාළ පැමිණිලකාර වූ නීතිඥවරයා විසින් තම දියණිය ඉකුත් 12 දා පිහිනුම් තටාකයේ පැවති ජල නර්ථන ක්‍රීඩාවට ඉදිරිපත් කළ අතර පසුව ඇයට හුස්ම ගැනීමට අපහසුවීමෙන් කොළඹ ළමා රෝහලට ඇතුළත් කර ඇති බව පැමිණිලි කර තිබේ.
මේ සිද්ධිට අදාළව තවත් දරුවන් දෙදෙනෙකු ද මේ වනවිට කොළඹ ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පොලිසිය අධිකරණයට දැන්වීය.
2025 ඔක්තෝබර් මස 08
1653
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1401
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
500
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
විෂ ආඝ්‍රහණය වී දරුවන් 5 ක් අසාත්මිකතාවට පත් කළැයි කම්කරුවකු රිමාන්ඩ්
රාජුන් Wednesday, 15 May 2019 10:19 AM
මට පේන්නෙ මිටි තැනින් වතුර බහින්න හදනවා වගෙයි?