(රංජන් කස්තුරි)
විශ්ව විද්‍යාල සිසුන්ට තමන් පදිංචි ප්‍රදේශයේ ළඟම ඇති එන්නත්කරණ මධ්‍යස්ථානට ගොස් කෝවිඩ් මර්දන එන්නත් ලබා ගත හැකි බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරයි.
විශ්ව විද්‍යාල හැඳුණුපත ඉදිරිපත් කරන සිසුනට කොවිඩ් මර්දන එන්නත් ලබාගත හැකි බව ද එම් පිළිබඳව සෞඛ්‍ය අංශ සමඟ සාකච්ඡා කළ බව ද විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කියයි.
විශ්ව විද්‍යාල සිසුන් එන්නත් ලබා ගැනීමෙන් අනතුරුව විශ්ව විද්‍යාල යළි විවෘත කිරීමේ දිනය තීන්දු කරන බව ද එම කොමිෂන් සභාව සඳහන් කරයි.
COMMENTS
අන්තරේටයි, සමාජවාදී සංගමේටයි ඉක්මනට දෙන්න. එයාලාට පරක්කු වෙනවා. රුසියාවෙත් නැති සමාජවාදේ ලංකාවේ හදන්න පාරට එන්න තියෙනවා... ඇවිත් රට කන්න තියෙනවා...
ලැජ්ජයි අපි විශ්ව විද්‍යාල සිසුන් ලෙසට නොවෙයි අපේ වයසේ අයට එන්නත් කරද්දී එකක් ගත්ත අනෙකත් එහෙමම ගන්නම් ඇත්තටම මේ දැනුවත් කිරීම මාසෙකට දෙකකට කලින් කරන්න සිහිවුනේ නැද්ද විශ්ව විද්‍යාල වසා තැබීම ඔබලාට ප්‍රශ්නයක් නැතත් අපේ වයසට යාම නවතින්නේ නැහැ අපෙන් රටට සේවයක් කරන්න තිබෙන කාලයත් අඩුවෙනවා.
නිකම්ම ඉගෙන ගන්න එකේ, දැන් ඔවුන් කියන බෙහෙත් වර්ග දීලා ඉන්ජෙක්ෂන් එක ගහන්න නැත්තං සමාජය බයකරයි.