(ඩයනා උදයංගනී)
ශ්‍රී ජයවර්ධනපුර, මොරටුව සහ වයඹ යන විශ්ව විද්‍යාල තුන සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් නව උපකුලපතිවරු තිදෙනෙක් පත්කරනු ලැබ සිටිති.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සඳහා එහි වැඩබලන උපකුලපතිවරයාව සිටි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා පත්කරනු ලැබ ඇති අතර, මොරටුව විශ්ව විද්‍යාලය සඳහා මහාචාර්ය එන්.ඩී ගුණවර්ධන සහ වයඹ විශ්ව විද්‍යාලය සඳහා මහාචාර්ය උදිත් කේ ජයසිංහ මුදලිගේ යන මහත්වරුන් පත්කරනු ලැබ සිටිති.

මහාචාර්ය එන්.ඩී ගුණවර්ධන

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ

මහාචාර්ය උදිත් කේ ජයසිංහ මුදලිගේ
COMMENTS
තමන් විසින්ම ආචාර්ය පට්ටමක් ගසාගත්ත මහාචාර්ය රෝහිත මැදමුලන විශ්වවිද්‍යාලයට උපකුලපති ලෙස පත්කරන්න හිතුනේ නැතිද..?
අපි නොදන්න උපකුලපතිවරුන්ගේ පත්වීම්, ඕවට දඟලන විදි රටේ ජනතාව දැක්කොත් උගත්තු කියලා හිතන්නවත් පුළුවන්ද? අන්තිමට හැමෝම කරන්නේ දේශපාලනික අවශ්‍යතා මිස උසස් අධ්‍යාපනික ආයතනික අවශ්‍යතා නොවේ.
පුද සත්කාර වල ප්‍රතිඵල වත්ද?
අර චොකා මල්ලිටත් කොහේහරි විශ්ව විද්‍යාලයක් බාර දෙන්න. එයාටත් සුදුසුකම් සේරම තියෙනවා.
විශ්ව විද්‍යාලවලට උපකුලපතිවරු පත් කරගන්න එක එම ආයතනවල ඇති කවුන්සිලයට බාර දීලා ජනාධිපතිට තියෙන්නේ ඒක අනුමතකරන එක විතරක් වුණානම් නේද වඩා හොඳ?
මොවුන් ගැන ඇහුවෙත් අදයි.
සුබ පැතුම්.! දක්ෂයෝ තුන් දෙනෙක්.
උප කුලපති වෙන්නත් දේශපාලන හිතවත්කම් අවශ්‍යද? රටකට ගියකලක්...