IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


විශ්ව විද්‍යාලවලට අයදුම් කිරීමේදී තමන් සතු තොරතුරු ප්‍රමාණවත්

(ඩයනා උදයංගනී)

විශ්වවිද්‍යාවලට ඇතුළත් කර ගැනීමේ අයදුම්පත් කැඳවීම අන්තර්ජාලය ඔස්සේ මේ දිනවල සිදුකෙරෙන අතර සංචරණ සීමා පවතින කාලයේදී විදුහල්වලින් ලබාගන්නා සහතික ආදිය නොමැතිව තමන් සතුව පවතින තොරතුරු පමණක් අයදුම්පත්‍රයට ඇතුළත් කිරීම ප්‍රමාණවත් යැයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.

ඒ අනුව එම අයදුම්පත් සමඟ පාසල්වලින් හා ග්‍රාම නිලධාරීන්ගෙන් ලබාගත යුතු සහතික එවීම කළ යුතු නැතැයි කී සභාපතිවරයා එම සහතික සංචරණ සීමා ඉවත්කර සති තුනක් ඇතුළත විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙත එවීම ප්‍රමාණවත් බවද සඳහන් කරයි.

සංචරණ සීමා පැනවීම සමඟ පාසල් වසා තිබීම නිසා පාසල් අයදුම්කරුවන්ට පාසල් හැරයාමේ සහතික, විදුහල්පතිගේ සහතික ආදිය ලබාගැනීමත්, බාහිර අයදුම්කරුවන්ට තම පදිංචිය සහතික කරන ග්‍රාමසේවක සහතික මෙන්ම නම්වල වෙනස්කම් පවතින අයට නම් තහවුරු කිරීමේ සහතික ලබාගැනීමත් ගැටලුවක් වී ඇති බැවින් මෙම තීරණය ගත් බවද මහාචාර්යවරයා කීවේය.

මහාචාර්ය සම්පත් අමතුංග මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

 



අදහස් (0)

විශ්ව විද්‍යාලවලට අයදුම් කිරීමේදී තමන් සතු තොරතුරු ප්‍රමාණවත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site