
(යොහාන් භාසුර)
‘කොවිඩ්’ අවදානම හේතුවෙන් වසා දමා තිබෙන විශ්වවිද්‍යාල නැවත ආරම්භ කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් සියලුම විශ්වවිද්‍යාලවල උප කුලපතිවරුන්ගේ ද සහභාගිත්වයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේදී අද (22) පස්වරුවේ පැවැත්වේ.
මෙහිදී සියලුම විශ්වවිද්‍යාලවලින් සිසුන්ගේ එන්නත්කරණය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ලබාගෙන එහි ප්‍රතිඵල අනුව ලබන මාස ඇතුළත අධ්‍යන කටයුතු ආරම්භ කිරීමට යෝජනා කිරීමට බලාපොරොත්තු වන බවත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හුරේ......අපිට "කටින් සහ ඇගෙන් " තීරණ නැවතවරක් අරගන්න අවස්ථාව ලැබෙනවා අහිංසක මහජනතාවට මල කරදරයක් වෙන්නම.... මීට අන්තරේ මහා එවුන් වන දියව් දියව් කුමාර ප්‍රමුක උගත් මෝඩ රැල .....
මේවායේ ඉගෙනගන්න දරුවන් තම පුද්ගලික ගමන් බිමන් පාලනය කර හික්මීම පවත්වාගෙන ගියොත් කෙටි කලක් තුල අතපසුවුණු විභාග ඉවරකර ඉදිරියට යන්න පුළුවන්... රට විවෘත කළ ගමන් හැමතැනම ඇවිදින්න යන්න ගත්තොත් ආයිත් විනාශයක් වෙන්න පුලුවනි...
ඔබගේ මෙම අදහස් " රට විවෘත කළ ගමන් හැමතැනම ඇවිදින්න යන්න ගත්තොත් ආයිත් විනාශයක් වෙන්න පුලුවනි..." ඉතාමත්ම නිවැරදිය. සිසුන් පමණක් නොව වැඩිහිටි අපද ඔබගේ මෙම අදහස් හොඳින්ම අනුගමනය කළයුතු නමුත් එසේ නොවීම කණගාටුවකි.