(සුජිත් හේවාජුලිගේ)
සියලු විශ්ව විද්‍යාල ලබන නොවැම්බර් මාසයේදී විවෘත කිරීමට අපේක්ෂා කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.
වයස අවුරුදු 20ත් 30 ත් අතර සිසුන්ට කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාදීම ඔක්තෝබර් මාසයේ අවසන් කිරීමට රජය බලාපොරොත්තුවන හෙයින් නොවැම්බර් මාසයේදී විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවද හෙතෙම සඳහන් කළේය.
COMMENTS
මැද පෙරදිග විශ්ව විද්‍යාල වල සිසු සිසුවියන් පූර්ණ එන්නත්කරණයකට පසුව නැවත විශ්ව විද්‍යාල විවෘත කරල සාර්ථකව පවත්වාගෙන යනවා. අපේ ළමයිනුත් පූර්ණ එන්නත්කරණයට ලක්වෙලානම් නැවත පුරුදු පරිදි අධ්‍යාපන කටයුතු වල නියැලෙන්න පුළුවන්. අකමැති අයට දිගටම ඔන්ලයින් ක්‍රමයේ ඉන්න පුළුවන්. නැත්නම් රට යතා තත්වයට පත් වෙනකන් ඉන්න පුළුවන්.
විශ්ව විද්‍යාල හා පාසැල් හැකි ඉක්මණින් ආරම්භ කිරීම අතිශය අත්‍යාවශ්‍ය කටයුත්තකි. දැනට බහුතරයක් විශ්ව විද්‍යාල මාර්ගගත ක්‍රමයට අධ්‍යාපන කටයුතු කරගෙන යාම ඉතා හොඳයි. එහෙත් ඉගෙනුම් හා ඇගයීම් ක්‍රියාවලියට අත්‍යාවශ්‍ය ප්‍රායෝගික පරීක්ෂණ සහිත රසායන, භෞතික, ජීව, අනෙකුත් විද්‍යා හා විද්‍යා නොවන විෂයයන් ඇත. මෙම පරීක්ෂණ වසර 2ක් පමණ මගහැරී ඇත. එහෙත් බොහෝ විශ්වවිද්‍යාල මාර්ගගත ක්‍රමයට විභාග පවත්වා උපාධිය නියමිත කලට සම්පූර්ණ කිරීමට උත්සාහ කරති. මෙතෙක් කල් ශ්‍රී ලාංකික උපාධියකට තිබූ ගුණාත්මක බව මෙවන් කරුණු නිසා සැලකිය යුතු කඩාවැටීමකට ලක්වනවා නොඅනුමානයි. වසංගතය හමුවේ වුවද බුද්ධිමත් තීරණගෙන අධ්‍යාපන හා ඇගැයීම් ක්‍රියාවලියේ ගුණාත්මක බව නොනැසෙන තීරණ ගන්නා ලෙස ඉල්ලා සිටිමු...
ඕවා අරින්නේ නැතුව ඔන්ලයින් අධ්‍යාපන කරයුතු කරන්න බැරිද?