(චතුර එස් කොඩිකාර)
විශ්‍රාමිකයින්ගේ හිමිකම් සුරැකීමේ ජාතික සංවිධානය විසින් විරෝධතා පාගමනක් කොළඹ විහාරමහා දේවී උද්‍යානය අසළින් ඇරඹුහ.
වර්ෂ 2016-2019 විශ්‍රාමිකයන්ට වර්ෂ 2020 ජනවාරි මස සිට ගෙවිය යුතු විශ්‍රාම වැටුප අයුක්ති සහගත ලෙස අහිමි කිරිමට එරෙහිව මොවුහු මෙලෙස විරෝධතාවයේ නිරතවෙති.
විශ්‍රාමිකයන් පිරිස අරලියගහ මන්දිරය දක්වා පාගමනින් ගොස් අග්‍රාමාත්‍යවරයාට සංදේශයක් බාර දීමට සාමාජිකයන් පස් දෙනෙකු අරලියගහ මන්දිරයට ගොස් තිබේ.
හිටපු විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂක ජනරාල් කේ.ඒ.තිලකරත්න, විශ්‍රාමිකයන්ගේ හිමිකම් සුරැකීමේ ජාතික සංවිධානයේ කැඳවුම්කරු මහින්ද ජයසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.



COMMENTS
ඔතැනට කොරෝනා තියෙන එකෙක්ව යවන්න. ඔය සෙට් එකටම මුහුදට පනින්න. රටේ මෙහෙම ප්‍රශ්නයක් වෙලා තියෙද්දී මොන උද්ඝෝෂණද?
අහිංසක පෙන්ෂන් කාරයන්ගේ පෙන්ෂන් එකට කෙළිය දියවන්නාවේ ඉන්න 225 දෙනාගේ කල්ලියේ පරණ හොරු රැළටයි, රණවිරුවන්ව විකුණන් කන අයටයි හොඳක් වෙන්නේ නෑ.
විශ්‍රාමිකයන්ට කෙසේ වෙතත් දූෂිත දේශපාලුවෝ පවුල් පිටින් හොරකම්, වංචා, දුෂණ කරලා හරි සැපෙන්, සුවෙන් ජීවත් වෙනවා.
මෙයා ආපු දවසේ ඉඳලා කරන්නේ ඕකතමයි. කාගේ හරි පැදියක් කපයි. එළවලු මිල අහස උසට, මිනිස්සුන්ට කන්න නැහැ. බයිස්කෝප් පෙන්නන එකයි, තාප්පවල චිත්‍ර අැන්ද එකයි අන්තිමට ඉතිරි වුනේ... එන්නකෝ ඊළඟ ඡන්දෙට... තෙල්මිලවත් අඩු කරන්න... එ්කටත් නහයෙන් අඬනවා... ඒ ගොල්ලන්ගේ පෙන්ෂන් එක නම් කල් පිරෙන්නත් කලින් හදාගනීවි...